වයඹ විද්‍යාපීඨයේ ගුරු සිසුවියක් සියදිවි නසාගෙන..(PHOTO)

Human Rights Commission Of Sri Lanka Death Harini Amarasuriya Sinhala news Breaking News
By Ashfa May 24, 2025 06:50 PM GMT
Ashfa

Ashfa

Report

සබරගමුව විශ්වවිද්‍යාලයේ චරිත් සියදිවි නසාගෙන වැඩිකල් යන්නට මත්තෙන් ඒ වගේම අවාසනාවන්ත පුවතක් වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් ආරංචි වෙනවා.

ඒ දෙවන වසර ශිෂ්‍යාවක් වන සංජිවනි ශිෂ්‍යාව තම නේවාසිකාගාරය තුලම ගෙලවැළලාගෙන මිය යෑමේ සිද්ධියයි.

මේ වනවිට සමාජජාලය තුළ විවිධාකාර සටහන් මේ පිලිබදව පළවේ. ඊට අනුව,

උපුටා ගැනීම.. 

වයඹ අධ්‍යාපන පීඨයේ 2022-2024 දෙවන වසරේ ඉගෙනුම ලැබූ ගුරු ශිෂ්‍යාව ඊයේ'(23)වන දින ගුරු පුහුණුව අතරමැදදී සියල්ලන් ඉදිරියේම කථිකාචාර්යවරයාගෙන් අපහාසයට ලක්ව ඇත.

බොන්නවත් වතුර නෑ - කහවත්ත විද්‍යාපීඨය (PHOTO)

බොන්නවත් වතුර නෑ - කහවත්ත විද්‍යාපීඨය (PHOTO)

සන්ජීවණිගෙ සියදිවි නසාගැනීමේ සිදුවිමේ පිටුපසත් ඇයට මානසිකව හිරිහැර කල බවට ඇයගේ පීඨයේ කතිකාචාර්යවරයාට චෝදනා එල්ල වෙනවා. සිදුවූ මානසික පිඩාව දරාගැනීමට නොහැකි වූ ශිෂ්‍යාව තම නේවාසිකාගාරය තුලම ගෙලවැළලාගෙන ඇත.

කණගාටුවට කරුණනම් ඇයගේ මිතුරියන් ඇයව දකින මොහොතේත් ඇයට පණ තිබී තිබුනත් පීඨයෙන් පිටතට යාම සදහා අවශ්‍ය ලියුම් ලිවීමට මිතුරියන්ට සිදුව ඇත.

එමෙන්ම සිසු සිසුවියන් වෙනුවෙන් පීඨය තුල ප්‍රවාහන පහසුකම් තිබුනත් ඇයව රැගෙන යන්න ඒවාට ඉඩක් දී නොමැති බවත් මාර්ගයේ ගමන්ගත් ත්‍රීවිල් රථයක් මගින් ඇයව රොහල්ගත කලත් ඒ වනවිටත් ඇය මියගොස්ය.

මේ වනවිට පීඨයේ සිසු සිසුවියන් සන්ජීවනිට යුක්තිය ඉල්ලා අඛණ්ඩ උද්ඝෝශණ ක්‍රියාමාර්ගයක නිරතව ඇත. 

උපුටා ගැනීම  අවසන්

සිසුවියගේ මරණය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුවනු ඇතැයි බලාපොරොත්තු වෙමු 

NPP ආණ්ඩුව 2026 මැයි වෙනකොට ඉවරයි..

NPP ආණ්ඩුව 2026 මැයි වෙනකොට ඉවරයි..


GalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha