NPP ආණ්ඩුව 2026 මැයි වෙනකොට ඉවරයි..

Report

ලබන වර්ෂයේ මැයි මාසය වන විට ආණ්ඩුව බලයෙන් පහකරන බව සමඟි ජන බලවේගයේ මන්ත්‍රී නලින් බණ්ඩාර අද ප්‍රකාශ කර තිබේ.

එම ප්‍රකාශය ඔහු කළේ අද දිනයේ කොළඹදී මාධ්‍යවේදීන් සමග පැවති සාකච්ඡාවකදීය.

මන්ත්‍රී බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේ පළපුරුද්දක් හෝ නිසි දැක්මක් නොමැති කණ්ඩායමකට රටේ නායකත්වය භාරදීමේ ප්‍රතිවිපාක දැන් පැහැදිලිව පෙනෙන බවයි. වත්මන් ආණ්ඩුවට ප්‍රගතිශීලී ආකල්පයක් නොමැති බවත් ජනතාවගේ සැබෑ ගැටලුවලට ඵලදායී විසඳුම් ඉදිරිපත් කිරීමට ඔවුන් අසමත් වී ඇති බවත් ඔහු අවධාරණය කළේය.

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට..? වැලිකඩ සුදානම්

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට..? වැලිකඩ සුදානම්

රජයේ වරිෂ්ඨ නිලධාරීන්, වෛද්‍යවරුන් සහ ඉංජිනේරුවරුන් පවා වත්මන් ආණ්ඩුවට සාර්ථක කාර්යයන් ක්‍රියාත්මක කිරීමට නොහැකි බව ප්‍රකාශ කරන තත්ත්වයක් ගොඩනැගී ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

සමඟි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ප්‍රකාශ කර ඇත්තේ 2026 වර්ෂයේ මැයි මස 24 වන දිනට පෙර වත්මන් ආණ්ඩුව බලයෙන් ඉවත් කරන බවයි.

"අද කිව්ව දේ මතක තබාගන්න, ලබන මැයි 24 වනදා වන විට මේ ආණ්ඩුව ගෙදර යවනවා" යන ප්‍රකාශය ඔහු කළේ ජනතාවගේ අපේක්ෂාවන් සපුරාලීමට ආණ්ඩුව අසමත් වී ඇති බව පෙන්වා දෙමිනි.

නියමයිනේ... රු.199කට මාසෙකටම අන්තර්ජාල පහසුකම්

නියමයිනේ... රු.199කට මාසෙකටම අන්තර්ජාල පහසුකම්

ඒ වෙනුවට ඔහු තවදුරටත් සඳහන් කළේ මෙම සිදුවීම සිදුකරන්නේ විපක්ෂයේ තීරණයකින් නොව, මැතිවරණයේදී ආණ්ඩුවට ඡන්දය ප්‍රයෝග කළ ජනතාවමය යන්නයි.