ජලය සම්බන්ධයෙන් ජනතාවට සතුටුදායක ආරංචියක්..

Water Cut Accident Water
By Aruna Jun 18, 2024 03:11 AM GMT
Aruna

Aruna

Report

කලටුවාව ජල පවිත්‍රාගාරයේ සිට මහරගම දක්වා ජලය ගෙනයන ප්‍රධාන නළයේ අලුත්වැඩියා කටයුතු මේ වනවිට අවසන් කර තිබෙන බව වාර්තා වනවා.

ඊයේ (17) අළුයම හයිලෙවල් මාර්ගයේ ගොඩගම ප්‍රදේශයේදී මෝටර් රථයක් එම ජල නළයේ ගැටීම හේතුවෙන් එය පුපුරා ගියා.

ජලය සම්බන්ධයෙන් ජනතාවට සතුටුදායක ආරංචියක්.. | Water Good News

නලය පුපුරා යාමත් සමග දැවැන්ත ජල කාන්දුවක් සිදුව තිබු අතර ජල පහරේ වේගය හේතුවෙන් යාබදව පිහිටි විදුලි රැහැන් කණු දෙකක්ද කඩාවැටී තිබූ බවයි වාර්තා වන්නේ.

ඒ හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ජල සැපයුම අඩාල වී තිබුණා.

ඒ, ගොඩගම, හෝමාගම, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත සහ මත්තෙගොඩ යන ප්‍රදේශවලටයි.

කෙසේ වෙතත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ, ජල නළයේ අලුත්වැඩියා කටයුතු අවසන් වීම හේතුවෙන් අද (18) අළුයම සිට යළි ජල සැපයුම යථාතත්ත්වයට පත්කළ බවයි.

රට පුරා පාසල් දරුවන් සම්බන්ධයෙන් දුක්බර ආරංචියක්..දෙමාපියන් මේ ගැන අවධානයෙන් ඉන්න..

රට පුරා පාසල් දරුවන් සම්බන්ධයෙන් දුක්බර ආරංචියක්..දෙමාපියන් මේ ගැන අවධානයෙන් ඉන්න..


දුර ප්‍රදේශවලට ජල සැපයුම ඉදිරි පැය කිහිපය තුළ යථාතත්ත්වයට පත්වෙනු ඇති.