අද ප්‍රදේශ රැසකට පැය 18ක හදිසි ජල කප්පාදුවක්..එම ප්‍රදේශ සියල්ල මෙන්න.
By Aruna
හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කළුතර දිස්ත්‍රීක්කයේ ප්‍රදේශ කිහිපයකට අද (26) පෙරවරු 9සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව කළුතර දකුණ, කළුතර උතුර, වාද්දුව, වස්කඩුව, මොරොන්තුඩුව සහ බොම්බුවල යන ප්‍රදේශවලට මෙසේ ජලසැපයුම අත්හිටුවනු ඇති බවයි දැනුම්දී ඇත්තේ.
මේ අනුව අද පෙරවරු 9 සිට හෙට (27) අලුයම 3දක්වා මෙම ජල සැපයුම අත්හිටුවීමට නියමිත බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කළේ.
You May Like This Video