අද සුනාමි දවසෙ කාලගුණය ගැන විශේෂ දැනුම්දීමක්..මුහුදු ප්‍රදේශ ගැනත් දන්වයි.

Report

උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි අදාල නිවේදනයේ සඳහන් වන්නේ.

අද වඩාත් පරිස්සම් විය යුතු ලග්න කිහිපයක්..නැතිනම් දුක් සහිත අත්දැකීම් වලට මුහුණදීමට සිදුවේ.(VIDEO)

අද වඩාත් පරිස්සම් විය යුතු ලග්න කිහිපයක්..නැතිනම් දුක් සහිත අත්දැකීම් වලට මුහුණදීමට සිදුවේ.(VIDEO)


බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

මේ අතර දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතී.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.

මුහුදේ ස්වභාවය: දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ සිටමඳ වශයෙන් රළු දක්වා වේ.

You May Like This Video