"චාමික කරුණාරත්න තමයි මේ බබාගේ තාත්තා.." - මවකගෙන් රට කළඹන හෙළිදරව්වක්
ප්‍රසිද්ධ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නගේ දරුවාගේ පියා බව පවසමින් තරුණියක විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කර තිබේ.
නඩුවේ දෙවනුවේදී ද අධිකරණයට පෙනී නොසිටි චාමික කරුණාරත්න දිගින් දිගටම අධිකරණය මඟහැරීමට උත්සාහ කරන බව ඇය අධිකරණයට පවසා තිබේ.
අද (21) අධිකරණයේදී ඇය පැවසුවේ;
“චාමික කරුණාරත්න මේ දරුවාගේ පියා. ඔහු වගකීම ප්‍රතික්ෂේප කරන නිසා මම අධිකරණයට ආවේ. මේ දරුවාට ශ්‍රී ලංකාවේ ජීවත් වෙන්න වෙනවා. මම දන්නවා ඔහු පියා කියලා.”
ඇය තවදුරටත් සඳහන් කළේ;
චාමික කරුණාරත්න අධිකරණයට පෙනී නොසිටීමට රෝගී තත්ත්වය ඇති කරගෙන බැහැර වී ඇති බවයි. දරුවාට නම් ලබාදීම ප්‍රතික්ෂේප කිරීම නිසා පීතෘත්වය තහවුරු කිරීමේ DNA පරීක්ෂණයක් සහ දරුවාගේ නඩත්තුව සඳහා මෙම නඩුව ගොනු කර ඇති බවයි.
මීට පෙර ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයට කළ පැමිණිල්ලකට ද චාමික කරුණාරත්න පෙනී නොසිටි බවත්, ඇය ගැබිණි කාලයේදී ද ඔහු විසින් දිගින් දිගටම රැවටීම් කර ඇති බවත් තරුණිය සඳහන් කළාය.
චාමික කරුණාරත්න මහතා 1996 මැයි 29 වැනිදා උපත ලබා ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන අතර, ODI, T20I සහ Test තරග ඇතුළු ජාත්‍යන්තර ක්රිකට්වලදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත.