අනතර්ජාලය සහ සමාජ මාධ්‍ය භාවිතා කරන ශ්‍රී ලාංකිකයන්ට අනතුරු ඇඟවීමක්.
මුදල් ලබාදෙන බව පවසමින් ජංගම දුරකථනවලට ලැබෙන කෙටි පණිවුඩ සහ දුරකථන ඇමතුම්වලට නොරැවටෙන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය දැනුම්දෙනවා.
එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ඉංජිනේරු චරුක දමුනුපොළ මහතා පැවසුවේ ව්‍යාජ දුරකථන ඇමතුම් ලබාදී මුදල් ලබාගැනීම් සිදුකරන පුද්ගලයින් පිළිබඳ තොරතුරු ලැබී ඇති බවයි.
"මේ දිනවල ඔබේ ජංගම දුරකථනයට ව්‍යාජ පණිවුඩ ලැබෙන්න පුළුවන්. මේ ඔස්සේ තෑගි මුදල් දිනා ඇති බවට පවසන්න පුළුවන්. විවිධ වට්ටම්, නිවසේ සිට රැකියා අවස්ථා, විදෙස් රැකියා ආදී වශයෙන් ඔබට පණිවුඩ එවන්න පුළුවන්. එවැනි පණිවුඩ ඔස්සේ ඔබගේ පෞද්ගලික තොරතුරු ලබා නොදීමට වගබලා ගන්න."
මේ අතර පසුගියදා සයිබර් ප්‍රහාරයට ලක්වු රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තු වෙබි අඩවිය සම්බන්ධයෙන් ද චරුක දමුනුපොළ අදහස් දැක්වූවා.
"එම වෙබ් අඩවියේ දුර්වලතා කිහිපයක් හේතුවෙන් මෙම සයිබර් ප්‍රහාරය එල්ලවෙන්නට ඇති බවට අපි හඳුනාගෙන තිබෙනවා. හැකි ඉක්මනින් මෙය යථා තත්ත්වයට පත්කර මහජනතාවට විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා."
නටපු නැටිලි ඉවරයි. - සියලුම පාසල් ගුරුවරුන්ට මාලිමා රජයෙන් සාධාරණයක්.! - ජෝෂප් ස්ටාලින් මැදිහත් වෙයි.
You May Like This Video