මේ අවුරුද්දේ ජයග්‍රහණ ලබා ගන්න හේතුව මොකක්ද දන්නව ද?. හේතුව වනිඳු කියයි..
අද (10) රාත්‍රී 7ට දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩංගණයේ දී සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර, දෙවන සහ අවසන් පන්දුවාර 20 තරගය ආරම්භ වීමට නියමිතයි.
ඊයේ දෙරට අතර පැවති පළමු තරගය කඩුලු 04කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ඒ අනුව, තරග දෙකකින් යුත් පන්දුවාර 20 තරගාවලිය එකට බිංදුවක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණේ පසු වේ.
ඊයේ පැවති තරගයෙන් අනතුරුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් වනිදු හසරංග පැවසුවේ, කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින් සහයෝගයෙන් ක්‍රීඩා කිරීම හේතුවෙන් මේ වසර තුළ ජයග්‍රහණ ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හැකි වූ බවයි.