රිය අනතුරින් ප්‍රසිද්ධ මාධ්‍යවේදී ධර්මප්‍රිය මෙන්ඩිස් දිවිගමනට සමුදෙයි
ප්‍රවීණ මාධ්‍යවේදී භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් මහතා රිය අනතුරකින් පසු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.
ඔහු මියයන විට 47 වන වියේ පසුවිය. 2000 වසරේදී 'ලක්බිම' පුවත්පතේ සමාරම්භක කර්තෘ මණ්ඩල සාමාජිකයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඒ මහතා, පසුව 'දිනමිණ' සහ 'රිවිර' යන පුවත්පත්වල ද සේවය කරමින් මෙරට පුවත්පත් කලාවට සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නේය.
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි සිසුවෙකු වූ ඒ මහතා ගාල්ලේ උපත ලැබූවෙකි.
ඔහුගේ දේහය හෙට (04) පස්වරුවේ සිට ගාල්ල, බූස්ස, මහගෙදර වත්ත පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තැබීමට නියමිතය.
අවසන් කටයුතු එළැඹෙන සඳුදා (06) පස්වරු 5.00ට ගාල්ල, දඩල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.