ඇප කොන්දේසි ඉටු කළ වියාලේන්ද්‍රන් නිවසට යයි!

By Shehan Apr 09, 2025 09:54 AM GMT
Report

අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතා ඇප කොන්දේසි සපුරාලීමෙන් පසු මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (09) නියෝග කළා.

වැලි කැණීමේ බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා රුපියල් ලක්ෂ 15ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියකට සහාය දැක්වූ බවට සැකපිට වියාලේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගෙන, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී මියගිය නිමේෂ්ගේ මෘත ශරීරය යළි ගොඩගැනීමට නියෝගයක්

වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී මියගිය නිමේෂ්ගේ මෘත ශරීරය යළි ගොඩගැනීමට නියෝගයක්

ඒ අනුව, ඊයේ (08) හිටපු අමාත්‍යවරයා අධිකරණයට ඉදිරිපත් කළ විට, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය විසින් ඔහුව ඇප මත මුදාහැරීමට නියෝග කළා.

නමුත්, එවිට සැකකරුට ඇප කොන්දේසි ඉටු කිරීමට නොහැකි වූ නිසා ඔහු යළි බන්ධනාගාරයට රැගෙන යන ලදී. කෙසේ වෙතත්, අද දිනයේදී ඔහු විසින් සියලු ඇප කොන්දේසි සම්පූර්ණ කිරීම නිසා, අධිකරණය විසින් ඔහුව මුදාහැරීමට තීරණය කරනු ලැබුවා.

05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අනුව 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම පිළිබඳ මෙන්න විශේෂ නිවේදනයක්!

05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අනුව 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම පිළිබඳ මෙන්න විශේෂ නිවේදනයක්!