ප්‍රභල ක්‍රිකට් ක්‍රීඩකයින් දෙන්නෙක්ට හදිසියේ සිදුවූ දේ.
By Aruna
ටෙස්ට් කණ්ඩායමේ කොවිඩ් පොකුරක් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මාට සහ විරාත් කෝලිට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා.
එංගලන්තය සමඟ පැවැත්වීමට නියමිත තුන්වන ටෙස්ට් තරගය ලබන මස 1 වනදා ආරම්භවීමට නියමිතව ඇති අතර, ඊට නායකත්වය ලබාදීමට සූදානමින් සිටියදී සිදුකළ පරීක්ෂණයක දී රෝහිත් ෂර්මාට කොවිඩ් ආසාදනය වී ඇති බවට අනාවරණ වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
විරාත් කෝලිට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ ඔහු ටෙස්ට් තරගය සඳහා ලන්ඩනයට පැමිණීමෙන් පසුවයි.
ඉන්දීය ක්‍රීඩකයින් කිහිපදෙනෙකු කොවිඩ් වෛරසයට ගොදුරු වීම හේතුවෙන් ජුලි 1 සිට 15 දක්වා බර්මින්හැම්හිදී එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගය සඳහා මේ වනවිට යම්තාක් දුරකට ඉන්දීය ක්‍රීඩා කටයුතු අඩාල වී ඇති බව වාර්තා වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |