බාබර් අසාම්, කෝලි හා සම වෙයි - පකිස්ථානයෙන් සුපිරි වාර්තාවක්

Virat Kohli Cricket Babar Azam
By Sewvandhi Oct 01, 2022 12:31 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පාකිස්ථාන ආරම්භක පිතිකරු බාබර් අසාම්, ජාත්‍යන්තර විස්සයි විස්ස ලකුණු 3000 සීමාව ඊයේ සම්පූර්ණ කළා. ඒ අනුව ජාත්‍යන්තර විස්සයි විස්ස ලකුනු 3000 සීමාව පසු කළ පස්වැනි පිරිමි ක්‍රීඩකයා බවට බාබර් පත් වූ අතර, ඔහු එම දක්ෂතාව දැක් වූ ක්‍රීඩක ලැයිස්තුවේ 8 වැනියා බවට පත්ව තිබෙනවා.

එම දස්කම දැක්වීම සඳහා බාබර් වැය කර තිබුණේ තරග 81 පමණක් වන අතර එහි විශේෂත්වය වන්නේ මීට පෙර එම දස්කම අඩුම ඉනිම සංඛ්‍යාවකින් දැක් වූ ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි (ඉනිම් 81ක්) හා සම තත්ත්වයට පත් වීමයි.

ඒ අනුව ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ, මේ වන විට අඩුම ඉනිම ගණනකින් ලකුණු 3000ක් ලබා ගත් ක්‍රීඩකයන් දෙදෙනා බවට විරාත් කෝලි සහ බාබර් අසාම් පත්ව සිටිනවා.

මෙම ලැයිස්තුවේ, තුන්වැනි ස්ථානයේ රැඳි සිටින්නේ නවසීලන්ත ආරම්භක පිතිකරු මාර්ටින් ගප්ටිල් වන අතර ඔහු ඒ සඳහා වැය කර ඇත්තේ ඉනිම 101ක් වන අතර සිව්වැනි ස්ථානයේ පසුවන්නේ ඉන්දීය ආරම්භක පිතිකරු රෝහිත් ශර්මායි. ඒ ඉනිම 108ක් තුළ දී යි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now