අල්ලස් නඩුවකට සාක්ෂි දීම සඳහා විජිත හේරත්ට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග ..

Vijitha Herath Sri Lanka dlb
By Piyumika Sep 24, 2024 06:03 AM GMT
Piyumika

Piyumika

Report

පසුගිය යහපාලන රජය සමයේ ගොනුකෙරුණු අල්ලස් නඩුවකට අදාළව සාක්ෂි දීම සඳහා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාට නොවැම්බර් මස 29 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණය අද (24) නියම කළේය.

සිව්දරු පියෙකුට අත් වුනු අවාසනාවන්ත ඉරණම ..

සිව්දරු පියෙකුට අත් වුනු අවාසනාවන්ත ඉරණම ..

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රවංශ පතිරාජ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් අද කැඳවූ අවස්ථාවේදී එම නඩුවේ පැමිණිලිකරු වන විජිත හේරත් මහතා සාක්ෂි දීම සඳහා අධිකරණයේ පෙනී සිටියේය.

එම අවස්ථාවේදී විජිත හේරත් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නාමල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා අද අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් වශයෙන් දිවුරුම්දීමට ඇති නිසා සාක්ෂි දීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

බුදු අම්මෝ!..ශීතකරණක් ඇතුලෙන් හම්බ වුණ දේ බලන්නකෝ..

බුදු අම්මෝ!..ශීතකරණක් ඇතුලෙන් හම්බ වුණ දේ බලන්නකෝ..

එම ඉල්ලීම පිළිගත් මහාධිකරණය විජිත හේරත් මහතාට සාක්ෂි දීම සඳහා යළි නොවැම්බර් මස 29 වනදා පෙනී සිටින ලෙස නියෝග කළේය. 2010 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රවර්ධන කටයුතුවල දී පුද්ගලික සමාගමක් සමඟ ඇති කර ගත් එකඟතාවය රුපියල් මිලියන 64ක මුදලක් රජයට පාඩු කළේ යැයි, චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් චන්ද්‍රවංශ පතිරාජ මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර

Sri Lanka Presidential Election 2024

  • NPP 5634915
    Anura Kumara Dissanayake
    42.31%
  • SJB 4363035
    Sajith Premadasa
    32.76%
  • IND16 2299767
    Ranil Wickremesinghe
    17.27%
  • SLPP 342781
    Namal Rajapaksa
    2.57%