දැන් උතුරු පළාතේ එක මිලිටරි චෙක් පොයින්ට් එකක්වත් නෑ.. උතුරේ ජනතාවට සැනසීමක් දෙමින් සියලු ප්‍රශ්නවලට තිත තියන්න හදන විජිත
අද(08) දින පාර්ලිමේන්තුවේදී අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේ උතුරු පළාත තුළ පැවති හමුදා මුරපොළවල් සියල්ල මේ වන විට සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බවත්, උතුරේ ජනතාවගේ දෛනික ගමනාගමන කටයුතු කිසිදු බාධාවකින් තොරව නිදහසේ සිදුවන බවත් ය.
එසේම ඔහු සඳහන් කළේ, අතීතයේදී පලාලි ඇතුළු උතුරේ මාර්ග රැසක ආරක්ෂක බාධක යොදා ගමනාගමනය අඩාල කර තිබුණටත්, වර්තමානය වන විට එම සියලු බාධක ඉවත් කර සාමාන්‍ය බස් රථ සේවා ඇතුළු ප්‍රවාහන කටයුතු යථා තත්ත්වයට පත් කර තිබෙන බවයි.
එසේම අමාත්‍යවරයා පැවසුවේ උතුරු පළාතේ මෙන්ම නැගෙනහිර පළාතේ ද පැවති හමුදා මාර්ග බාධක විශාල සංඛ්‍යාවක් දැනටමත් ඉවත් කර ඇති බවයි.
අධ්‍යාපන ක්ෂේත්‍රයම වෙනස් කරමින් ගුරුවරුන්ට විශේෂ වෘත්තීය බලපත්‍ර සහ සහතික කිරීමේ ක්‍රමවේදයක් - බලපත්‍රය දෙන්නේ මේ ගුරුවරුන්ට පමණයි - අගමැති
එමෙන්ම උතුරේ ඉඩම් නිදහස් කිරීමේ ක්‍රියාවලිය ද කඩිනමින් සිදුකෙරෙමින් පවතින බවත්, අයිතිකරුවන් විදේශගතව සිටීම, මියගොස් තිබීම හෝ වෙනත් පාර්ශ්වයන් අයිතිවාසිකම් කීම හේතුවෙන් මතුව ඇති ගැටලු නිරාකරණය කරගැනීමට විශේෂ ඉඩම් කච්චේරි පවත්වමින් ක්‍රමානුකූලව එම ඉඩම්වල අයිතිය තහවුරු කිරීමට පියවර ගන්නා බවත් විජිත හේරත් මහතා ප්‍රකාශ කළා.
තවද චෙම්මනි ඇතුළු මෙරට සියලුම සමූහ මිනීවළවල් සම්බන්ධ කැණීම් කටයුතු අධිකරණ අධීක්ෂණය යටතේ සිදුකෙරෙන බව අවධාරණය කළ ඔහු එම විමර්ශන වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ අදාළ ජාත්‍යන්තර ආයතනවලින් විද්‍යාත්මක විශේෂඥ සහාය ලබාගැනීමට රජය දැනටමත් කැමැත්ත පළ කර ඇති බව ද සඳහන් කළා.
ඒ අනුව දැනට සිදුවෙමින් පවතින චෙම්මනි සමූහ මිනීවළේ කැණීම් කටයුතු අවසන් වූ වහාම, ඊට අදාළ ඩී.එන්.ඒ. පරීක්ෂණ සහ කාබන් කාලනිර්ණ පරීක්ෂණ නිවැරදිව සිදුකිරීමට අවශ්‍ය ජාත්‍යන්තර විශේෂඥ සහාය ලබාගැනීමට රජය ඉදිරියේදී කටයුතු කරන බව ද අමාත්‍ය විජිත හේරත් මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියා.