රට යන්න ඉන්න අයට සුභ ආරංචියක් - කොළඹ සිට සෘජු ගුවන් සේවා ආරම්භයි
වියට්නාම් එයාර්ලයින්ස් අද(16) රාත්රියේ සිට හෝ චි මින් නගරය සහ කොළඹ අතර නව සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමට නියමිතව ඇත.
ශ්රී ලංකාව සහ වියට්නාමය අතර ගුවන් සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කරමින් මෙම නව ගුවන් ගමන් සඳුදා, බ්රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල සතියකට තෙවරක් ක්රියාත්මක කෙරෙන බව වාර්තා වේ.
ඔබේ බැංකු ගිණුම අනතුරේ - සියලුම බැංකු හිමියන්ට විශේෂ අනතුරු ඇඟවීමක් - විශ්රාමික හා වැඩිහිටි ප්රජාවට විශේෂයි
හෝ චි මින් නගරය හරහා හැනෝයි, ඩා නෑං, හොයි ආන් සහ හා ලොං බේ ඇතුළු වියට්නාමයේ ජනප්රිය ගමනාන්ත වෙත පහසුවෙන් ළඟාවීමටද මෙමගින් මගීන්ට අවස්ථාව සැලසෙයි.
වියට්නාම් එයාර්ලයින්ස් සඳහා ශ්රී ලංකාවේ General Sales Agent (GSA) ලෙස Hayleys Aviation කටයුතු කරන බව වාර්තා වේ.