ප්‍රවීණ රංගන ශිල්පිනි රූපා පතිරණ හදිසි අනතුරකට

Report

ප්‍රවීණ රංගන ශිල්පිනි රූපා පතිරණ මහව ප්‍රදේශයේ ටෙලිනාට්‍ය රූගත කිරීමකට යමින් සිටියදී හදිසි අනතුරකට මුහුණ දී ඇත.

ඇයගේ දියණිය විසින් මුහුණු පොතේ සටහනක් තබමින් පවසා ඇත්තේ, රූපා මහත්මිය දැනට කුරුණෑගල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

රන් මිල 5,000 කින් වෙනස් වෙයි - මෙන්න විස්තර

රන් මිල 5,000 කින් වෙනස් වෙයි - මෙන්න විස්තර

“අම්මා ගැන විමසන සැමට,

පසුගියදා නව ටෙලිනාට්‍ය රූගත කිරීමකට යමින් සිටියදී මහවේදී අම්මා හදිසි අනතුරකට ලක්වුණා. එහිදී ඉක්මනින් ඇයව රෝහල්ගත කර ප්‍රතිකාර ලබාදීමට පියවර ගත්තා.

දැනට ඇය කුරුණෑගල මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා. වෛද්‍යවරුන් ඉක්මනින් ශල්‍යකර්මයක් කිරීමට නිර්දේශ කර තිබෙනවා. ඒ සඳහා අපි පවුලේ අය සහ සමීපතමයන් කටයුතු සම්පාදනය කරමින් ඉන්නවා.

ලොකෙම දිනන්න ගිය අනුදි විජයත් එක්ක සිනමාවට?..

ලොකෙම දිනන්න ගිය අනුදි විජයත් එක්ක සිනමාවට?..

මේ මොහොතේ අප සමඟ සිටින රෝහල් කාර්‍ය මණ්ඩලයට, අම්මාට ආදරය කරන හිතවතුන්ට, ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරුන්ට, කලා ශිල්පීන්ට, ඥාතීන්ට සහ සමීපතමයන්ට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.

ඔබේ ආශිර්වාද හා ඉක්මන් සුව ප්‍රාර්ථනා සමඟ ඇය ඉක්මනින් රංගන කටයුතුවලට එක්වේවි. අපේ එකම ප්‍රාර්ථනය ඇයගේ සුවයයි. ඒ සඳහා ඔබේ සුබ පැතුම් ඉල්ලනවා!

වැඩි විස්තර පසුව බෙදා ගන්නම්.

– දියණිය –”

අතවරයක් කරේ නෑ .... හැම දේම උනේ කැමැත්තෙන් .සැකකාර සෙබලා කියයි

අතවරයක් කරේ නෑ .... හැම දේම උනේ කැමැත්තෙන් .සැකකාර සෙබලා කියයි