ලෝක ප්‍රසිද්ධ ප්‍රවීණ හොලිවුඩ් නළුවෙකු මිය යයි - ගෙදර වැටිලා ඉද්දි පොලිසිය සොයා ගෙන
'The Thing' වැනි සම්භාව්‍ය චිත්‍රපට සහ 'Punky Brewster' වැනි ජනප්‍රිය රූපවාහිනී කතා මාලා ඔස්සේ ලොව පුරා ප්‍රසිද්ධියට පත් ප්‍රවීණ අමෙරිකානු නළු ටී.කේ. කාටර් (T.K. Carter) අභාවප්‍රාප්ත වී ඇත.
ඒ අනුව ඔහු මියයන විට ඔහුගේ වයස අවුරුදු 69 ක් විය.
ඉකුත් සිකුරාදා (09) කැලිෆෝනියාවේ ඩුවාර්ටේහි පිහිටි ඔහුගේ නිවසේදී ඔහු සිහිසුන්ව සිටියදී පොලිසිය විසින් සොයාගෙන තිබුණු අතර, එම ස්ථානයේදීම ඔහු මියගොස් ඇති බව තහවුරු විය.
කෙසේ වෙතත් මරණයට නිශ්චිත හේතුවක් මෙතෙක් හෙළි කර නොමැති වුවද, එහි සැකකටයුතු ස්වභාවයක් නොමැති බව ලොස් ඇන්ජලීස් ප්‍රාන්ත ෂෙරිෆ් දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දශක පහකට ආසන්න කාලයක් රංගන ක්ෂේත්‍රයේ නියැලී සිටි දක්ෂයෙක් ලෙස ටී.කේ. කාටර් හඳුන්වයි.
ඔහු 1982 වසරේ තිරගත වූ 'The Thing' චිත්‍රපටයේ රඟපෑ 'Nauls' නම් චරිතය කාගේත් අවධානයට ලක් විය.
එසේම 'Space Jam' (1996), 'Seems Like Old Times' (1980) සහ 'Ski Patrol' (1990) වැනි චිත්‍රපටවලටද ඔහු දායක වී තිබුණා. මේ අතර 'Punky Brewster' හි මයික් ෆුල්ටන් වශයෙන් කළ රංගනය ඔහුව වඩාත් ජනප්‍රිය කිරීමට සමත් විය.
එමෙන්ම මෑත කාලීනව 'Dave' සහ 'The Company You Keep' (2023) වැනි කතා මාලාවලද ඔහු රංගනයෙන් දායක වී ඇත.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ 'The Transformers' සහ 'Jem' වැනි ප්‍රකට කාටූන් කතා මාලා සඳහා ද ඔහු හඬින් දායක වී ඇති බවයි.
කෙසේ වෙතත් කාටර්ගේ අභාවය සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රසිද්ධ නියෝජිත ටෝනි ෆ්‍රීමන් පැවසුවේ ඔහු සෑම චරිතයකටම මානුෂීය බවක් සහ සත්‍යයක් එක් කළ, ක්ෂේත්‍රයේ සැමගේ ගෞරවයට පාත්‍ර වූ කලාකරුවෙකු වූ බවයි.

