තවත් ප්‍රවීණයෙක් දිවි ගමනින් සමු ගයි
ශ්‍රී ලංකාවේ සිටි කීර්තිමත් මාධ්‍යවේදියකු වූ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී ඉක්බාල් අතාස් මහතා ඊයේ දින රාත්‍රි(12)ට අභාවප්‍රාප්ත වී ඇත.
ඒ අනුව ඒ මහතා කළුරිය කරන විට 81 වැනි වියෙහි පසු විය.
ඔහු සන්ඩේ ටයිම්ස් පුවත්පතේ උපදේශක කර්තෘවරයකු වශයෙන් ඒ වනතෙක්ම කටයුතු කළ බව වාර්තා වේ.
මේ අතර ඔහුගේ දේහය, අද පෙරවරු 9.00 සිට දෙහිවල, හිල් වීදියේ, සිරිවර්ධන පාරේ අංක 11C/1 දරණ ස්ථානයේ අවසන් ගෞරවය දැක්වීම සඳහා තැන්පත් කර ඇත.
එමෙන්ම දේහය පිළිබඳ අවසන් කටයුතු අද(13) දින පස්වරුවේ දෙහිවල පිහිටි මුස්ලිම් මහ පල්ලිය සුසාන භුමියේ දී සිදු කිරීමට නියමිත බව සඳහන්.