ජාතික වෙසක් සතිය හෙට සිට

Anura Kumara Dissanayaka Sri Lanka Railways Vesak Day Sinhala news
By Hashini May 09, 2025 03:29 AM GMT
Hashini

Hashini

Report

ජාතික වෙසක් සතිය හෙටින් (10) ආරම්භ වනවා.

බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.පී සේනාධීර මහතා සඳහන් කළේ එය ලබන 16 වැනිදා දක්වා ක්‍රියාත්මක බවයි.

''කළණ මිතුරන් ඇසුරු කරමු'' යන්න මෙවර ජාතික වෙසක් සතියේ තේමාව වනවා.

සමාරම්භක උත්සවය හෙට පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නුවර එළිය බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.

වෙසක් සතියේ දින තුනක් දිවයිනේ සුරාසැල් හා මස් අලෙවි සැල් වසා තැබෙනවා.

මේ අතර, දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ නුවරඑළියේ පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය හා අනුරාධපුරය දක්වා යන සැදැහැවතුන් වෙනුවෙන් අද සිට විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක බවයි.

ලබන 13 වැනිදා දක්වා එම විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක වනවා. 

මෙවර 45,000කට සරසවි වරම්

මෙවර 45,000කට සරසවි වරම්

ReeCha