මෙවර 45,000කට සරසවි වරම්

Report

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසන්නේ මෙවර උසස් පෙළ විභාග ප්‍රතිඵල වලට අනුව අවම වශයෙන් සරසවි වරම් හිමි කරගත් සිසුන්ගෙන් 45,000කට ආසන්න පිරිසකට පමණක් විශ්ව විද්‍යාල වෙත ඇතුලත් වීමේ අවස්තාව හිමි වන බවයි.

එම කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කලේ සිසුන් 177,588ක් මෙවර ප්‍රතිඵලයට අනුව විශ්ව විද්‍යාල සඳහා ඇතුලත් වීමට අවශ්‍ය මුලික සුදුසුකම් ලැබූ අතර ඉතිරි සිසුන්ට රජයේ සහ පෞද්ගලික අනෙකුත් උසස් අධ්‍යාපන ආයතනවලට යොමු වීමේ අවස්තාව ඇති බවයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ එම ප්‍රමාණය 132,000ක් පමණ බවයි. මෙවර විෂයන් තුනටම විශිෂ්ඨ සම්මාන ලබාගත් ගණන 9457ක් වන අතර 29,244ක් විෂයන් තුනම අසමත් වී තිබෙනවා. 

ඡන්දයේ ආදායම් වියදම් වාර්තා ලබා දෙන්නැයි දැනුම් දීමක්

ඡන්දයේ ආදායම් වියදම් වාර්තා ලබා දෙන්නැයි දැනුම් දීමක්