වෙසක් උත්සවයට දන්සැල් දෙන්නද ඉන්නේ? අති විශේෂ පණිවිඩයක් - දැන්ම ලියාපදිංචි වෙන්න

Report

වෙසක් උත්සවය වෙනුවෙන් දිවයින පුරා සංවිධානය කරනු ලබන සියලුම දන්සැල්, තමන්ට අදාල ප්‍රදේශයේ ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කාර්යාලයේ ලියාපදිංචි කිරීම අනිවාර්ය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන අවධාරණය කරයි.

වෙසක් උත්සව සමයේ දන්සැල්වලින් ආහාර ගන්නා මහජනතාවට සුරක්ෂිත, පිරිසිදු මෙන්ම ගුණාත්මක ආහාර වේලක් ලබාදීම තහවුරු කිරීම මූලික අරමුණ කරගනිමින් සෞඛ්‍ය අංශ විසින් මෙම ක්‍රියාමාර්ගය ගනු ලැබ ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

[1QDOVAJ[

එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ දන්සැල් සංවිධායකයන් වහාම ක්‍රියාත්මක වී තම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා (MOH) හෝ ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා (PHI) හමුවී, ඒ සඳහා අවශ්‍ය වන සෞඛ්‍ය උපදෙස් හා මඟපෙන්වීම් ලබාගෙන අදාල ලියාපදිංචි කිරීම් සිදු කරගත යුතු බවයි.