ලෝකයම කම්පා කල වෙනිසියුලා භූ කම්පනයෙන් මිය ගිය ගණන ඉහළට
වෙනිසියුලාවට බලපෑ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 3000 ඉක්මවා ගොස් ඇත
මේ දක්වා කාලය තුළ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරු 3,342ක් සොයාගෙන ඇති අතර තවත් පුද්ගලයින් 41,000කට අධික සංඛ්‍යාවක් අතුරුදන්ව පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .
සිකුරාදා සිට මරණ සංඛ්‍යාව 300 කට වඩා වැඩි වී ඇති අතර, පසුගිය මාසයේ ව්‍යසනයෙන් පුද්ගලයින් 16,500 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත. දහස් ගණනක් තවමත් ගණන් බලා නොමැත.
7.2 සහ 7.5 ක ප්‍රබලතාවයකින්, අඛණ්ඩව ඇති වූ භූමිකම්පා තත්පර කිහිපයක් පරතරයකින් සිදු වූ අතර කැරකස් අගනුවරට උතුරින් වෙරළබඩ ලා ගුයිරා ප්‍රදේශයට දරුණුතම ලෙස බලපෑවේය.
භූමිකම්පාවෙන් පසු බලධාරීන් මුළු පසු කම්පන 942 ක් වාර්තා කර ඇත. පසුගිය ජූනි මස 24 වනදා වෙනිසියුලාවට ප්‍රභල භූ කම්පන දෙකකින් බලපෑම් එල්ල වී තිබුණි.
එම භූ කම්පනවලින් තුවාල ලැබූ පුද්ගලයින් 16,000කට අධික සංඛ්‍යාවක් මේ වන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සදහන් වේ