මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඇඟ හිරිවැටෙන අනාවරණයක් - ආරක්ෂාවට දැඩි බලපෑමක් බවට විගණන වාර්තාවක්

Report

ශ්‍රී ලංකාව පුරා නීතිවිරෝධී ගිනි අවි 15,000ත් ලක්ෂයත් අතර ප්‍රමාණයක් සංසරණය වන බවට ආරක්ෂක අංශ නිලධාරීන් ඇස්තමේන්තු කර තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ මෙම අනවසර ගිනි අවිවලින් බහුතරයක් පාතාල කල්ලි සාමාජිකයන්, කුලියට මිනීමරන කණ්ඩායම් සහ හමුදාවෙන් පැන ගිය සාමාජිකයන් සතුව පවතින බවයි.

තවද අතීතයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය භාවිතා කළ ගිනි අවි සැලකිය යුතු ප්‍රමාණයක් ද මෙම නීතිවිරෝධී අවි ලැයිස්තුවට ඇතුළත් බව සඳහන්.

කෙසේ වෙතත් මෑත කාලීනව විවිධ රටවලින් නීතිවිරෝධී ආකාරයට මෙරටට ගිනි අවි රැගෙන එන මාර්ග පහක් උසස් පොලිස් නිලධාරීන් විසින් හඳුනාගෙන තිබෙන අතර, එම මාර්ග ඉලක්ක කර ගනිමින් ආරක්ෂක මුරපොළවල් දැඩි කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.

මහ බැංකුවෙන් නරක ආරංචියක් - රුපියලේ පිරිහීමත් එක්ක මේ බැංකු ගනුදෙනුකරුවන්ට දෙන ණය පොලී අනුපාතය අහස උසට යයි

මහ බැංකුවෙන් නරක ආරංචියක් - රුපියලේ පිරිහීමත් එක්ක මේ බැංකු ගනුදෙනුකරුවන්ට දෙන ණය පොලී අනුපාතය අහස උසට යයි

එමෙන්ම පොලිස් වාර්තාවලට අනුව, 2025 වසරේ ජනවාරි 01 වන දින සිට 2026 ජූලි 03 වන දින දක්වා කාලය තුළ රට පුරා සිදුකළ වැටලීම්වලින් නීතිවිරෝධී ගිනි අවි 3,100කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.

ඉන් වැඩිම ප්‍රමාණයක් වන ගිනි අවි 2,404ක් සොයාගෙන ඇත්තේ 2025 වසරේදී බව වාර්තා වේ.

එම අවි අතර ටී-56 ස්වයංක්‍රීය ගිනි අවි 74ක්, පිස්තෝල 90ක් සහ දේශීය නිෂ්පාදිත ගිනි අවි 2,177ක් ඇතුළත්. එසේම 2026 වසරේ මුල් මාස හයහමාරක කාලය තුළ පමණක් ගිනි අවි 719ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතර ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවකින් අනාවරණය වී ඇත්තේ පොලිස් භාරයේ තිබූ විවිධ වර්ගයේ ගිනි අවි 20ක් අතුරුදන්ව තිබෙන බවයි.

අගෝස්තු 15 ට පෙර වහාම ක්‍රියාත්මක වන්නැයි අනතුරු ඇඟවීමක් - OTPP, ලංකා බැංකුවේ සහ ඕනෑම මහජන බැංකු ශාඛාවකින් ගෙවීමේ පහසුකම්

අගෝස්තු 15 ට පෙර වහාම ක්‍රියාත්මක වන්නැයි අනතුරු ඇඟවීමක් - OTPP, ලංකා බැංකුවේ සහ ඕනෑම මහජන බැංකු ශාඛාවකින් ගෙවීමේ පහසුකම්

තවද පිස්තෝල 5ක්, ටී-56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවි 8ක් සහ එස්.එල්.ආර්. (SLR) වර්ගයේ ගිනි අවි 7ක් වන බව එම වාර්තාවේ දැක්වෙන බව සඳහන්.

ඒ අනුව මෙම අවි අතුරුදන් වීම මහජන ආරක්ෂාවට දැඩි බලපෑමක් බව විගණන කාර්යාලය දක්වයි.

එමෙන්ම ගිනි අවි උපාංග සහ පතරොම් අස්ථානගත වීම් සම්බන්ධයෙන් සිදුවීම් 228ක් ද වාර්තා වී ඇත.

මේ අතර මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ආනන්ද විජේපාල මහතා අවධාරණය කරන්නේ, පාතාල ක්‍රියාකාරකම් සහ නීතිවිරෝධී ගිනි අවි මැඩලීමට රජය දැඩි අවධානයක් යොමු කර තිබෙන බවයි.

එමෙන්ම අපරාධකරුවන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවත්, අනවසර ගිනි අවි සොයා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් කරන බවත් ඔහු වැඩිදුරටත් පවසයි.  

සුබ ආරංචියක් - මේ උපාධිධාරීන් රාජ්‍ය සේවයට

සුබ ආරංචියක් - මේ උපාධිධාරීන් රාජ්‍ය සේවයට

විභාග අපේක්ෂකයින් කළඹමින් අද උසස් පෙළ විභාගය ගැන අසත්‍ය පුවතක් පළ කළ අයට වැඩ වරදී - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්

විභාග අපේක්ෂකයින් කළඹමින් අද උසස් පෙළ විභාගය ගැන අසත්‍ය පුවතක් පළ කළ අයට වැඩ වරදී - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්