මඟ බලන් හිටපු දවසක්. - ජපානයෙන් පරණ වාහන දින වෙනස් කර ලංකාවට ගොඩබායි.
රජය විසින් පනවා ඇති 2023 ජනවාරි 15 න් පසු නිෂ්පාදනය කරන ලද වාහන ආනයනය කිරීමේ සීමාව උල්ලංඝනය කරමින්, 2022 දී නිෂ්පාදනය කරන ලද වාහන ආනයනය කිරීමට යම් සමාගමක් උත්සාහ කරන බවට ජපානයේ ශ්‍රී ලංකා මෝටර් රථ වෙලද සංගමය පවසයි.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ගොනු කර තිබේ.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ගොනු කර ඇත.
ආනයනකරු වාහන තත්ත්ව සහතික නිකුත් කිරීම සඳහා වගකිව යුතු ජපන් ආයතන තුනකට නිෂ්පාදන දිනයන් ව්‍යාජ ලෙස සකස් කරන ලෙස බලපෑම් කරමින් සිටින බවත් පැමිණිල්ලේ දැක්වෙයි.
ගතවූ සතියේ අවම වශයෙන් එවැනි වාහන 150 ක් ව්‍යාජ දිනයන් භාවිතා කරමින් ආනයනය කර ඇති බවට ඔවුන් චෝදනා එල්ල කරයි.
රජයේ රෙගුලාසි වල සඳහන් වන්නේ 2023 ජනවාරි 15 න් පසු නිෂ්පාදනය කරන ලද වාහන පමණක් ආනයනය කළ හැකි බව වුවත් මෙම සමාගම 2022 සිට වංචනික නිෂ්පාදන දිනයන් යටතේ වාහන ගෙන ඒම සඳහා සහතික කිරීමේ ආයතනවලට බලපෑම් කරන බවත් පැමිණිල්ලේ සඳහන්ය.
එවැනි ක්‍රියා රජයේ රෙගුලාසි උල්ලංඝනය කිරීමක් බවත් ව්‍යාජ ලියකියවිලි මත පදනම්ව ආනයනය කරන ලද වාහන ශ්‍රී ලංකා වෙළඳපොළට ඇතුළුවීමට ඉඩ නොදිය යුතු බවත් එබැවින් මෙම වාහන නැවත අපනයනය කරන ලෙස පැමිණිලිකරුවන් තවදුරටත් කියා සිටියි.
You May Like This Video👇
