ආයේ වාහන ලියාපදිංචි කිරීමේදී සහ අංක තහඩු නිකුත් කිරීමේදී මේ කරදර නෑ - දැනුවත්කිරීමක්
රජයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම තහවුරු කරමින්, ඉදිරි වසර පහක කාලය වෙනුවෙන් වාහන අංක තහඩු මුද්‍රණය කර සැපයීමේ කොන්ත්‍රාත්තුව ලබා දීමට පියවර ගෙන ඇත.
ඒ අනුව ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ මේ සඳහා ලංසු කැඳවා තිබෙන අතර ඒ සඳහා ආයතන හතරක් ලංසු ඉදිරිපත් කර තිබෙනවා.
ඉදිරිපත් වූ මෙම ලංසු අධ්‍යයනය කිරීමෙන් පසුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය මඟින් ලබා දුන් නිර්දේශ සැලකිල්ලට ගනිමින් සුදුසුම ආයතනය තෝරා ගෙන ඇත.
ඒ අනුව, M/s South Asian Technologies (Pvt) Ltd ආයතනය වෙත මෙම කොන්ත්‍රාත්තුව පිරිනැමීමට තීරණය කර තිබෙන බව සඳහන්.
අඳාළ කොන්ත්‍රාත්තුව වසර 05ක කාලසීමාවක් සඳහා වලංගු වන අතර, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා.
ඒ ඔස්සේ වාහන ලියාපදිංචි කිරීමේදී සහ අංක තහඩු නිකුත් කිරීමේදී ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට හැකියාව ලැබෙන බව සඳහන්.
කෙසේ වෙතත් මීට පෙර 2000 වසරේ සිට වසර 25ක් පුරා මෙම කටයුත්ත 'ඇක්සස්' එකම සමාගම මඟින් සිදු කිරීම හේතුවෙන් ඇතැම් සංකීර්ණතා මතුව තිබූ බව වාර්තා වේ.
පසුගිය 2000 වසරේ සිට එකම සමාගමක් මෙම ටෙන්ඩරය ලබාගෙන තිබූ අතර 2008 හා 2019 ටෙන්ඩරය අළුත් කර ලබාදී තිබුනේද අඳාළ සමාගමටම විය.
එහෙත් මෙවර නව ටෙන්ඩරය සඳහා සමාගම් 04 ක් ඉදිරිපත් වී තිබූ අතර ඉන් තෝරාගත්තේ පෙර සදහන් සමාගමයි.
මේ අතර මීට පෙර අංක තහඩු සැපයූ ඇක්සස් ආයතනය මඟින් ජනාධිපති කාර්යාලය වෙත අභියාචනයක් ඉදිරිපත් කර තිබූණද නව ටෙන්ඩරය ඔවුනට හිමි නොවුණි.