නවතා තිබූ වාහන අංකත තහඩු නැවතත් නිකුත් කෙරේ,දවස මෙන්න,නව බලපත්‍රයකුත් සකසයි

Report

පසුගිය දා අලුතින් ලියාපදිංචි කරන වාහන සඳහා නව අංක තහඩු නිකුත් කිරීම තාවකාලිකව අත්හිටවා තිබූූ අතර ඉදිරියට ලියාපදිංචි කරන වාහන සඳහා නවතම ආරක්ෂක ක්‍රමවේද සහිත නවීන තාක්ෂණයෙන් යුත් නව අංක තහඩු නොවැම්බර් 15 දා වනවිට ලබාදීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (26) පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති බිමල් රත්නායක මහතා පවසා සිටියේ, මේ වන විට අංක තහඩු නොමැති වාහන ප්‍රමාණයක් වෙළෙඳපොළ තුළ පවතින බවය.

ජනපති අනුර කුමාර ජපානයට

ජනපති අනුර කුමාර ජපානයට

එමෙන්ම පෙර පැවැති වෙළෙඳ සමාගම් මෙන්ම දේශපාලන ක්‍රියාවන්හි දූෂිතභාවය හා වගකීම් විරහිතභාවය නිසා මෝටර් රථ දෙපාර්තමේන්තුව වසර 10ක් වැනි කාලයක් දියුණු නොවී පවතින බවද පැවසීය.

දුක්වුණු,කොන්වුණු කාලේ ඉවරයි එයාලටත් සරසවියට යන්න රජයෙන් විශේෂ වැඩක්

දුක්වුණු,කොන්වුණු කාලේ ඉවරයි එයාලටත් සරසවියට යන්න රජයෙන් විශේෂ වැඩක්

නව රියැදුරු බලපත්‍රයක් ද සකස් කරන බවත්, අංක තහඩු නොමැති වාහන සඳහා එළැඹෙන සතියේ දී තාවකාලික විසඳුම් ලබාදෙන බවත් මන්ත්‍රීවරුන් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසා තිබූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඇමැතිවරයා සඳහන් කළේය.

තව තවත් ඉහළට යන අද රන් මිල

තව තවත් ඉහළට යන අද රන් මිල