වාහන ගේන්න හම්බන්තොට සියල්ල සූදානම් කරද්දී . - ඒ අස්සේ වාහන ආනයනයේදී මෙරට තිබෙන වාහන මිල පහල වැටෙන්න දෙන්න බෑලු.

Hambantota vehicle imports sri lanka
By Wayomi Feb 02, 2025 11:01 AM GMT
Wayomi

Wayomi

Report

මෙරටට වාහන ආනයනය කිරිම සඳහා රජය අවසර ලබාදි ඇති බැවින් සුරක්ෂිත ලෙස වාහන ගෙන්වීමට සුදානමින් සිටින බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය ප්‍රධාන විධායක නිලධාරී විල්සන් ක්වා සඳහන් කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සදහන් කළේ 2018 වසරේ සිට වාහන ආනයනය කිරිම මෙන්ම වාහන ප්‍රතිඅපනයනය කිරිම සම්බන්ධයෙන් හම්බන්තොට වරාය තුළ අවශ්‍ය යටිතල පහසුකම් පවතින බවයි.

එමෙන්ම විල්සන් ක්වා කියා සිටියේ, මීට අමතරව ආනයන වාහන නැව්වලින් ගොඩබෑම සඳහා පලපුරුදු කාර්ය මණ්ඩලයක් තමන් සතුව සිටින බවයි.

රාජ්‍ය සේවක වැටුප් 7,500කින් ඉහළට. - 7,500 - 10,000 ත් අතර මුදලක් මූලික වැටුපට.- අමාත්‍යංශයෙන් ලැබුණු අලුත්ම ආරංචිය මෙන්න.

රාජ්‍ය සේවක වැටුප් 7,500කින් ඉහළට. - 7,500 - 10,000 ත් අතර මුදලක් මූලික වැටුපට.- අමාත්‍යංශයෙන් ලැබුණු අලුත්ම ආරංචිය මෙන්න.

මේ අතර පෞද්ගලික වාහන යළි ආනයනයේදී මෙරට දැනට පවතින වාහනවල වෙළඳපලේ මිල සහ අලුතින් ගෙන්වන වාහනවල මිල අතර පරතරයක් ඇති නොවන පරිදි කටයුතු කිරීමට සිදුව ඇති බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

එලෙස නැතිව වෙළඳපොළේ අද පවතින වාහනවල මිල පහළ වැටුණොත් පිට රටින් නැවත ගෙන්නන වාහන ප්‍රමාණය ඉහළ ගොස් ඩොලර් සංචිත වලට බලපෑමක් සිදුවිය හැකි බවද ඔහු පෙන්වා දෙනවා.

ඒ, හේතුවෙන් එම තත්ත්වයන් දෙකම ගැන සලකා බලමින් වාහන ආනයනය කිරීමට සිදුව ඇති බවත්,මෙවර වාහන ආනයනය සඳහා ක්‍රමානුකූලව ඩොලර් බිලියනයක පමණ මුදලක් වැය කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවත් ඔහු සඳහන් කරනවා.

බිත්තර සහ කුකුල් මස් මිල විශාල වශයෙන් පහළට. - බිත්තරයක් රු.20 වඩා අඩුවෙයි. - නව මිල ලැයිස්තුව මෙන්න.

බිත්තර සහ කුකුල් මස් මිල විශාල වශයෙන් පහළට. - බිත්තරයක් රු.20 වඩා අඩුවෙයි. - නව මිල ලැයිස්තුව මෙන්න.


You may like this video

 

ReeCha