ලංකාවට වාහන ආනයනය සිහිනය මල්ඵල ගැන්වේ...කරන විදිය ගැන දැනුම්දීමක්..
වාහන ආනයනය ලබන වසරේ සිට යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.
අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, එය ක්‍රමානුකූලව සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි.
"රජය තෝරගත්ත පිරිසකට වාහන ආනයනය කරන්න අවසර ලබාදෙන්නේ නැහැ. මෙතෙක් වාහන ආනයනය කිරීමට අවසර ලබාදීලා තියෙන්නේ වාණිජමය අවශ්‍යතාවයන් සඳහා පමණයි.
ඒ කියන්නේ ආර්ථිකයට යම් කිසි දායකත්වයක් දැක්වීම සඳහා ආර්ථික ක්‍රියාවලියකට සහ වාණිජමය ක්‍රියාවලියකට යොමුවෙන අයට විතරයි මෙතෙක් වාහන ආනයනය අවකාශය දීලා තියෙන්නේ.
අද සීමාවක් තියෙනවානම් ආනයනය සම්බන්ධයෙන් මෙම සීමාව පුද්ගලික භාවිතාව සඳහා ආනයනය කරනා වාහන පමණයි. එතකොට ඒ සීමාවත් ඉදිරියේදී ලිහිල් වේවි.
ලබන අවුරුද්ද වෙද්දි ඒක ලිහිල් වේවි. හැබැයි විවෘත වීමත් යම් ක්‍රමාණුකූල විවෘත වීමක් බවට පත්විය යුතුයි.
"එමෙන්ම මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේ, මේ වනවිට රට තුළ පවතින ආර්ථික වැඩපිළිවෙළ හැර වෙනත් කිසිදු විකල්පයක් නොමැති බවයි.
මේ අතර, තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාදෙන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කර තිබෙන ඉල්ලීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යොමු කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.
පාර්ලිමේන්තුවේ පැවති ඉහළ පෙළේ සාකච්ඡාවක දී කථානායකවරයා මේ බව මන්ත්‍රිවරුන්ට දැනුම් දී ඇත්තේ, තමන්ට ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හැකියාවක් නොමැති බව පවසමින්.
වාහන බලපත්‍ර ඉල්ලා පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරු එකසියදහසය(116) දෙනෙක් අත්සන් කර කථානායකවරයාට ලිපියක් භාර දී තිබෙන අතර, ඒ සම්බන්ධයෙන් පසුගිය සතියේ පැවති පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ දී ද සාකච්ඡා කර ඇති බවයි පැවසෙන්නේ.
කෙසේ වුව ද, එම කාරක සභාවට එක්ව සිට ඇති විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන් ඒ සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇත.
ඉහත සාකච්ඡාවට යළිත් එම යෝජනාව ඇතුළත් කර ඇත්තේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ තීරණයකට අනුව බවයි පැවසෙන්නේ.
එම සාකච්ඡාව සඳහා එක්ව සිට ඇති ඇතැම් මන්ත්‍රිවරු වාහන බලපත්‍රයක අවශ්‍යතාව කථානායකවරයාට දැඩිව අවධාරණය කර තිබේ.