අවුරුදු කාලත් හමාරයි...කිලෝවක් 800/- පනී

Report

සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීම හමුවේ දේශීය වෙළදපොලේ උඩරට සහ පහතරට එළවලු මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව එළවලු තොග සහ සිල්ලර වෙළෙදුන් පවසයි.

ආරක්ෂාවට හදිසියේ හමුදාව කැඳවයි...

ආරක්ෂාවට හදිසියේ හමුදාව කැඳවයි...

බෝංචි කිලෝවක් රු.600-700, බටු කිලෝවක් රු.600, කැරට් කිලෝවක් රු.400, නුවරඑලිය අල කිලෝවක් රු.600, තක්කාලි කිලෝවක් රු.800 ක් සහ අනෙකුත් සෑම එළවලුවක්ම රු.400ත් 500ත් අතර සිල්ලර මිලකට අලෙවි වන බව එම වෙ‍ළෙදුන් කියා සිටියේ.

අවුරුද්දට ලංකාවේ එකම එක පළාතක හදන දිව්‍ය භෝජනය

අවුරුද්දට ලංකාවේ එකම එක පළාතක හදන දිව්‍ය භෝජනය

පොල් මිල රු.180 සිට රු.220 දක්වා වූ සිල්ලර මිලකට අලෙවි වන අතර, ඇබුල් සහ සීනි යන කෙසෙල් කිලෝවක මිල රු.160 කට අලෙවි කරනු ලබයි. පසුගිය දින කිහිපය තුළ පැවති අධික වර්ෂාපතයත් එළවලු මිල ඉහළ යාමට හේතුවක් වූ බවයි වෙළෙදුන් කියා සිටියේ.