වන්දනාවේ ගිය වෑන් රථයක් අනතුරට - එක් අයෙක් ජිවිතක්ෂයට

By Parami Dissanayake May 26, 2024 12:15 PM GMT
Report

අද (26 ) පාදෙනිය අනුරාධපුර මාර්ගයේ ගල්ගමුව පාළුකඩවල හන්දිය අසල ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් එක් අයකු මිය ගොස් තවත් දස දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය පවසනවා.

එම අනතුර සොදු ව ඇත්තේ, කුරුණෑගල දෙස සිට අනුරාධපුරය දෙසට ධාවනය වූ වන්දනාකරුවන් පිරිසක් රැගත් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් බව වාර්තා වේ.

අනතුරින් තුවාල ලැබූවන් ගල්ගමුව මූලික රෝහලට ඇතුළත් කර ඇත.

ජනපති සී.වී විග්නේෂ්වරන් හමුවේ...

ජනපති සී.වී විග්නේෂ්වරන් හමුවේ...

ඉන් සිව් දෙනෙකු වැඩි වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

එම අනතුරට හේතුව රියදුරට නින්ද යාම බව පොලිසිය සැක කරනවා.

කෙසේ වෙතත්, ගල්ගමුව පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.