ජනපති සී.වී විග්නේෂ්වරන් හමුවේ...

Report

අද (26) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා අතර හමුවක් සිදු වී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපතිවරයාගේ උතුරු පළාත් සංචාරයට සමගාමීව මෙම හමුව සිදුවූ බවයි .

අද IPL අවසන් මහා තරඟය...

අද IPL අවසන් මහා තරඟය...

සී.වී විග්නේෂ්වරන් මහතා දැනට රෝගාතුරව සිටින අතර ඒ අනුව නල්ලූර් ප්‍රදේශයේ පිහිටා ඇති ඔහුගේ නිවසට ගිය ජනාධිපතිවරයා අදාළ සාකච්ඡාවේ නිරත වී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය වැඩි දුරටත් සඳහන් කළේ, සී.වී. විග්නේෂ්වරන් මහතාගේ සුව දුක් විමසීමට එහිදී ජනාධිපතිවරයා කටයුතු කළ බව ය.