හරීන් සහ මනූෂ වෙනුවට එන අලුත් දෙන්නා.. කවුරුන් වෙන්න පුලුවන් ද?.
අද (09) සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා මාධ්‍යට අදහස් දක්වමින් විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.
ඒ හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මහත්වරුන්ගෙන් පුරප්පාඩු වන මන්ත්‍රී ධුර සඳහා පත්කෙරෙන දෙදෙනා සම්බන්ධයෙන් ය.
මනූෂ නානායක්කාර මහතා 2020 මහ මැතිවරණයේ දී සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත් වෙමින් පාර්ලිමේන්තුවට තේරී පත්වීය.
ඒ අනුව මනාප ලැයිස්තුවේ තෙවන ස්ථානයට පත්වූ බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පුරප්පාඩු වන මන්ත්‍රී ධුරය වෙනුවෙන් පාර්ලිමේන්තුවට පිවිසෙනු ඇති බව රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
මේ අතර, හරීන් ප්‍රනාන්දු මහතා ජාතික ලැයිස්තුවෙන් තෝරා පත්කර ගත් අයෙකු වන බැවින් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හා කළමනාකරණ මණ්ඩලය එක්ව එම මන්ත්‍රී ධුරයට පත්වෙන පුද්ගලයා ගැන තීරණයක් ගන්නා බව ද රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියා සිටියේ ය.
මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් හා කැලණිය ආසනයේ සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
ඒ අනුව එම තනතුරු සඳහා පත්කරන්නේ කවුරුන්ද යන වග පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හා කළමනාකරණ මණ්ඩලය එක්ව තීරණය කරන බව ද වැඩිදුරටත් අදහස් දක්වමින් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේ ය.