චමින්ද වාස් වේග පන්දු පුහුණුකරු ලෙස පත්කෙරෙයි - ගංගුලි සහ යුවරාජ් සමඟ ලංකාවේ සිංහයා එකම කඳවුරකට
By Kanchana
ශ්රී ලංකා හිටපු වේග පන්දු යවන ක්රීඩක චමින්ද වාස්, 2027 ඉන්දීය ප්රිමියර් ලීග් (IPL) තරගාවලිය සඳහා දිල්ලි කැපිටල්ස් (Delhi Capitals) කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස පත් කර තිබේ.
හිටපු ඉන්දීය නායක සෞරව් ගංගුලිගේ ප්රධානත්වයෙන් යුත් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ සහායක පුහුණු කාර්ය මණ්ඩලයට චමින්ද වාස් එක්කර ගැනීම තහවුරු කරමින්, එම කණ්ඩායම සෙනසුරාදා උදෑසන සිය නිල X ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කර ඇත.
මෙම මස මුලදී 2027 IPL තරගාවලිය සඳහා දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස සෞරව් ගංගුලි පත් කරනු ලැබීය.
එමෙන්ම, ඔක්තෝබර් 13 වැනිදා හිටපු ඉන්දීය තුන් ඉරියව් ක්රීඩක යුවරාජ් සිං සහායක පුහුණුකරු සහ පිතිකරණ පුහුණුකරු ලෙස පත් කළ බව ද එම කණ්ඩායම නිල වශයෙන් නිවේදනය කළේය.