කාවන්තිස්ස හස්තිරාජයාගේ අභාවයෙන් මුළු රටම කම්පිතයි - හිටපු ජනපති මහින්ද රාජපක්ෂ තැබූ සංවේදී සටහන මෙන්න

Report

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා අද ජීවිතක්ෂයට පත්විය

අසනීප තත්ත්වයෙන් පසුවූ එම හස්තිරාජයා අද උදෑසන සියඹලන්ගමුව ප්‍රදේශයේ ඇදවැටී සිටියදී හමුවුණි .

මේ පිළිබද සමාජ මාධ්‍ය ඔස්සේ ද බොහෝ පිරිස හඩ නගන්නට විය.

ඒ අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද සිය නිළ ෆේස් බුක් ගිණුමට සිය ශෝක ප්‍රකාශය එක්කර තිබේ

ද්විරද ගජ කාවන්තිස්ස, මහා වනාන්තරයේ රජුව අවසන් වරට වනාන්තරය විසින්ම තම හදවතට තුරුළු කර ගත්තා යැයි සිතමි.

අප රටේ ඉතිහාසය පුරාවට ඇතුන් නියෝජනය නොවූ තැනක් නොමැත. මහාවංශයේ පිටු අතර මෙම මහා ප්‍රාණියා

දැකගත හැත. සිරි දළදා මහා පෙරහැරේ, රාජාභිෂේකයේ, රණබිමේ ඇතා නොසිටි තැනක් නොමැත.

රාජ්‍යත්වය නියෝජනය කළ කඩොල් ඇතු ඉතිහාසය තුළ රජෙකුට සම විය. බුදු දහම තුළ ඇතා බෝධිසත්වයෙක් විය.

ඇත් පිය සටහන ගජගා වන්නම විය. අපගේ සංස්කෘතිය තුළ ඇතෙකු යනු ඉතිහාසය, ආගම, කලාව, ජනජීවිතය සමඟ මුසු වූ ජීවමාන සංකේතයකි. පිදුම් ලබන්නෙකි.

මඟුල් ලකුණකි. රැකිය යුත්තෙකි. අභිමානය, ශක්තිය, ඉවසීම සහ කරුණාව දරාගත් මිනිස් හදවතක් සහිත, මව්බිම හැඩ කළ අප ඇත් පරපුරෙහි මහ ඇතුට සුබ ගමන්........

මීට සුළු මොහොතකට පෙර කාවන්තිස්ස හස්තිරාජයා මියයයි

මීට සුළු මොහොතකට පෙර කාවන්තිස්ස හස්තිරාජයා මියයයි

මුළු රටම කම්පාවට පත් කරමින් මියගිය කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි

මුළු රටම කම්පාවට පත් කරමින් මියගිය කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි

Gallery