ඌවෙන් සුබ ආරංචියක් - බිලියන 04ක වාර්තාගත ආදායමක්

Report

ඌව පළාත් සභාවේ 2025 වර්ෂයේ සමස්ත ආදායම අපේක්ෂිත ඉලක්කයන් ඉක්මවා යමින් රුපියල් බිලියන 04ක වාර්තාගත මට්ටමකට ළඟා වී ඇති බවට ඌව පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මූල්‍ය) බී.එල්. කුලරත්න ප්‍රකාශ කළා.

ඒ පළාත් ප්‍රධාන ලේකම් අනූෂා ගෝකුල ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේදී ඊයේ (17) දින පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීයි.

එහිදී 2024 වර්ෂයේදී රුපියල් බිලියන 3.3ක්ව පැවැති පළාත් සභාවේ සමස්ත ආදායම, 2025 වසර අවසන් වන විට බිලියන 04 දක්වා වර්ධනය කර ගැනීමට හැකි වූ බව වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරයා කියා සිටි‍යා.

එමෙන්ම ද්විත්ව ආපදා තත්ත්වයන් මධ්‍යයේ වුවද, නිසි කළමනාකරණය හා කැපවීම මත මෙම ජයග්‍රහණය අත්කර ගැනීමට හැකි වූ බව ද ඔහු පැවසුවා.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 7ක පවුල් 1005කට සුබ ආරංචියක් - ලොකු වන්දි මුදලක්

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 7ක පවුල් 1005කට සුබ ආරංචියක් - ලොකු වන්දි මුදලක්

ඒ අනුව නව ආදායම් ප්‍රභවයන් හඳුනා ගැනීම, හිඟ මුදල් අයකර ගැනීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සහ නිලධාරීන්ගේ කැපවීම මෙම සාර්ථකත්වයට සෘජුවම බලපා ඇති බව ‍ඔහු සඳහන් කළා.

තවද නව ආදායම් උත්පාදන වැඩසටහන් පළාත් මට්ටමින් සාර්ථකව ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙලෙස ආදායම් ඉලක්ක අභිබවා යාමට හැකි වී ඇති බව ඔහු ප්‍රකාශ කළා.

එමෙන්ම 2026 වර්ෂය සඳහා ද නව ආදායම් ප්‍රභවයන් හඳුනා ගනිමින් වඩාත් ඉහළ ආදායම් ඉලක්ක කරා ගමන් කිරීමට සැලසුම් කර ඇති බව ද ඔහු මෙහිදී සඳහන් කළා.

අඩු ආදායම් ලාභීන්ට සුබ ආරංචියක් - රජයෙන් නාගරික නිවාස 2,500 ක්

අඩු ආදායම් ලාභීන්ට සුබ ආරංචියක් - රජයෙන් නාගරික නිවාස 2,500 ක්

ආදායම් වර්ධනය සඳහා ජනතාවගේ විශේෂ නැඹුරුවක් ඇති කිරීමටත්, පවතින සම්පත් උපරිම ආකාරයට භාවිත කරමින් පළාතේ මූල්‍ය ශක්තිය වර්ධනය කිරීමටත් බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

තවද මෙම ආදායම් වර්ධන ක්‍රියාවලිය සඳහා ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර, ප්‍රධාන ලේකම්වරිය ඇතුළු සමස්ත රාජ්‍ය නිලධාරීන්ගෙන් සහ දේශපාලන අධිකාරියෙන් උපරිම සහයෝගය ලැබෙන බව ද නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරයා මෙහිදී ස්තූති පූර්වකව සිහිපත් කළා.

සුභ ආරංචියක් - එන්න එන්න අඩුවෙන රන්මිල මෙන්න

සුභ ආරංචියක් - එන්න එන්න අඩුවෙන රන්මිල මෙන්න