ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 7ක පවුල් 1005කට සුබ ආරංචියක් - ලොකු වන්දි මුදලක්
රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 07ක පවුල් 1005කට රුපියල් පහලොස් කෝටි හත්ලක්ෂ පනස් දහසක ආධාර පිරිනමා ඇත.
ඒ අනුව මෙම ආධාර ප්‍රධානය සිදු කර ඇත්තේ සමාජ ආරක්ෂණ ව්‍යාපෘතිය යටතේ ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක ව්‍යාපෘතියකට අනුව බව වාර්තා වේ.
ඒ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක ප්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහනකට අනුවයි.
එසේම මෙම කටයුතු සිදු කර ඇත්තේ ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යංශයේ ලේකම් සම්පත් මන්ත්‍රීනායක මහතාගේ ප්‍රධානත්වයෙන් බව සඳහන්.