මීට පස්සේ මේ විදෙස් ගමන්බලපත්‍ර ලබා ගැනීමේදී මෙම ලේඛන අනිවාර්යයි - අලුත් නීතියක්
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජන්ම අයිතිය පුරවැසිභාවය සීමා කිරීමේ නවතම උත්සාහයේ කොටසක් වශයෙන්, තම දරුවන් සඳහා විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම් කරන දෙමාපියන්ට තමන්ගේම පුරවැසිභාවය හෝ සංක්‍රමණ තත්ත්වය පිළිබඳ සාක්ෂි සැපයීමට අවශ්‍ය බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව යෝජනා කර ඇත.
ඒ අනුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉකුත් 6 වන දින අත්සන් කරන ලද විධායක නියෝගය ක්‍රියාත්මක කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
එසේම මෙම යෝජනාව ක්‍රියාත්මක වුවහොත්, දරුවෙකු වෙනුවෙන් විදෙස් ගමන් බලපත්‍රයක් ඉල්ලුම් කිරීමේදී දෙමාපියන්ට හෝ භාරකරුවන්ට තමන් සතු වලංගු අමෙරිකානු ගමන් බලපත්‍රයක්, උප්පැන්න සහතිකයක් සහ ග්‍රීන් කාඩ්පත ඉදිරිපත් කිරීමට සිදු වේ.
ආයේ වාහන නෑ කියලා වද වෙන්න ඕනේ නෑ - ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිකුත් කළ වාර්තාව මෙන්න - වාහන ආනයනය 32%කින් ඉහළට
මීට පෙර විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමේදී දරුවාගේ දෙමාපියන් විසින් කළ යුතුව තිබුණේ දරුවා සමඟ ඇති සම්බන්ධතාව තහවුරු කිරීම සහ ඡායාරූප සහිත හැඳුනුම්පතක් පෙන්වීම පමණයි.
කෙසේ වුවද මෙම නව නීති යටතේ දෙමාපියන්ගේ නීත්‍යානුකූල තත්ත්වය දැඩි ලෙස පරීක්ෂාවට ලක් කෙරෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක ටොමී පිගොට් සඳහන් කර ඇත්තේ,
“මෙම පරිපාලනය ඇමරිකානු පුරවැසිභාවයේ අර්ථය සහ වටිනාකම ආරක්ෂා කරන බවට ජනාධිපති ට්‍රම්ප් නිසැකව ප්‍රකාශ කර ඇති අතර, අපගේ විදේශ ගමන් බලපත්‍ර විනිශ්චය ක්‍රියාවලිය එම ප්‍රමිතිය සම්පූර්ණයෙන්ම පිළිබිඹු කරන බවට වග බලා ගැනීම ඇතුළත් වේ.” යනුවෙන්.