බිහිසුණු තත්ත්වය හමුවේ ඇමරිකානු සෙබළුත් ජීවිතක්ෂයට - ඇමරිකාව නැවතත් පලි ගනියි

Report

ඉරානයට එරෙහිව ආරම්භ කළ ආරක්ෂක මෙහෙයුම්වලදී අමෙරිකානු සෙබළුන් තිදෙනෙකු මියගොස් ඇති බව අමෙරිකාව තහවුරු කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, ඉරානයට එරෙහි ප්‍රහාර ආරම්භ කිරීමෙන් පසු මෙය අමෙරිකානු පාර්ශවයෙන් වාර්තා වූ පළමු මරණයයි.

ඒ සමඟ, තවත් සෙබළුන් පස් දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව එරට හමුදා වාර්තා පෙන්වා තිබේ.

මියගිය සෙබළුන්ගේ අනන්‍යතාවය තවමත් ප්‍රකාශයට පත් කර නොමැති අතර, අමෙරිකානු හමුදා සම්ප්‍රදායට අනුව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් දැනුවත් කර පැය 24ක් ගතවීමෙන් පසුව යම් තොරතුරු හෙළිදරව් කිරීම සිරිත වේ.

අමෙරිකානු වැසියන්ට වහාම ඉවත් වන ලෙස දන්වයි

අමෙරිකානු වැසියන්ට වහාම ඉවත් වන ලෙස දන්වයි

ඒ අනුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම මෙහෙයුම පිළිබඳව පෙර අනතුරු ඇඟවීම් කළේ,

“අමෙරිකානු වීරයන්ගේ ජීවිත අහිමි විය හැකි බවත්, යුද්ධයකදී එවැනි ජීවිත හානි සාමාන්‍ය දෙයක්”

බවයි.

මෙම මරණ වාර්තා වීමත් සමඟ, අමෙරිකාව ඉරානයට එරෙහිව සිය ප්‍රහාර තවදුරටත් දැඩි කරනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ බොරතෙල් මිලියන 20ක් ප්‍රවාහනය කරන ප්‍රධාන වෙළඳ මාර්ගයක් වසයි

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ බොරතෙල් මිලියන 20ක් ප්‍රවාහනය කරන ප්‍රධාන වෙළඳ මාර්ගයක් වසයි