ඇමරිකාවෙන් ඉරාන හමුදා මධ්‍යස්ථාන වෙත දරුණු ප්‍රහාරයක්
හෝමූස් සමුද්‍ර සන්ධියේ පවතින යුදමය නොසන්සුන්තාව තවදුරටත් උත්සන්න කරමින්, අමෙරිකාව සහ ඉරානය එකිනෙකාට ප්‍රහාර එල්ල කරගැනීමත් සමඟ කලාපීය සාමය බරපතළ තර්ජනයකට ලක්ව තිබේ.
අමෙරිකානු හමුදාව ප්‍රකාශ කරන්නේ තම ප්‍රහාරක නෞකා තුනක් ඉලක්ක කර ඉරානය එල්ල කළ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස "ආත්ම ආරක්ෂාව" වෙනුවෙන් තමන් ඉරාන හමුදා මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කළ බවයි.
කෙසේ වෙතත්, ඉරානය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර ඔවුන් පවසන්නේ අමෙරිකාව විසින් සිය තෙල් නෞකාවකට සහ සිවිල් ප්‍රදේශවලට ප්‍රහාර එල්ල කිරීමෙන් මුලින්ම සටන් විරාමය උල්ලංඝනය කළ බවයි.
දෙපාර්ශ්වයම සටන් විරාම ගිවිසුම් උල්ලංඝනය කළ බවට එකිනෙකාට චෝදනා කරගනිමින් සිටින අතර, මෙම තත්ත්වය මහා පරිමාණ යුද්ධයක් දක්වා වර්ධනය වීමේ අවදානමක් පවතින බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.