ගෝඨාභය රාජපක්ෂගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර යළි රිමාන්ඩ් - නඩුව වෙනත් අධිකරණයකට යොමුකරන්නැයි ඉල්ලයි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඔහුට චෝදනා එල්ල වී තිබුණේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධූර කාලයේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂක ජනරාල්වරයා වශයෙන් ද කටයුතු කරමින් රුපියල් කෝටි 22 අධික මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවටයි.
එබැවින් ඔහු ලබන 21 වන දින තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
එසේම මෙම නඩුව වෙනත් අධිකරණයකට යොමුකරන ලෙස සුගීෂ්වර බණ්ඩාර මහතාගේ නීතිඥවරුන් ඉල්ලා සිටි බව සඳහන්.
අඳාළ ඉල්ලීම අද දිනම අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත දන්වා යවන ලෙස එහිදී මහේස්ත්‍රාත්වරයා රෙජිස්ට්‍රාර්වරියට නියෝග කර ඇති බව සඳහන්.