වාණිජ නෞකා තුනකට එල්ල කළ ප්‍රහාරවල පලිය ගන්න අමෙරිකාව විසින් ඉරානයට ප්‍රබල ප්‍රහාර මාලාවක්

Report

හෝමූස් සමුද්‍ර සන්ධියේ දී වාණිජ නෞකා තුනකට එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් අමෙරිකානු සන්නද්ධ බලකායන් විසින් ඉරානය ඉලක්ක කර ගනිමින් ප්‍රබල ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

අමෙරිකානු ආරක්ෂක අංශ අවධාරණය කරන්නේ අදාළ වාණිජ නෞකාවලට එල්ල වූ ප්‍රහාර සඳහා ඉරානය සෘජුවම වගකිව යුතු බවයි.

කෙසේ වෙතත්, ඉරාන රජය මෙතෙක් එම චෝදනා නිල වශයෙන් පිළිගෙන නොමැත.

හැකි ඉක්මනින් සන්නද්ධ හමුදාව කැඳවන්න ජනපතිගෙන් අති විශේෂ ආඥාවක් - කථානායකගෙන් පාර්ලිමේන්තුවට දැනුම්දීමක්

හැකි ඉක්මනින් සන්නද්ධ හමුදාව කැඳවන්න ජනපතිගෙන් අති විශේෂ ආඥාවක් - කථානායකගෙන් පාර්ලිමේන්තුවට දැනුම්දීමක්

සිදුවූ ප්‍රහාරවලින් අදාළ වාණිජ නෞකා තුනටම බරපතළ හානි සිදුව ඇති නමුත් වාසනාවකට මෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මේ අතර, කටාර් රාජ්‍යය සහ සෞදි අරාබිය ද මෙම නෞකා ප්‍රහාර දැඩි ලෙස හෙළා දැක ඇති අතර, හානියට පත් වූ නෞකා අතර තම රටවලට අයත් වෙළඳ නෞකා ද වන බව එම රටවල් තහවුරු කර තිබේ.

මෙම මිලිටරි ප්‍රහාරවලට අමතරව ඉරානයට එරෙහිව දැඩි ආර්ථික පියවරක් ගැනීමට ද අමෙරිකාව කටයුතු කර ඇත.

ඒ අනුව, ඉරානය වෙත මීට පෙර ලබාදී තිබූ විශේෂ තෙල් අපනයන සම්බාධක සහනය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට අමෙරිකානු පරිපාලනය පියවර ගෙන තිබේ.

අද මේ ලග්න හිමියන් ඉතා පරිස්සම් විය යුතුය - ජීවිතය පවා අවදානමේ

අද මේ ලග්න හිමියන් ඉතා පරිස්සම් විය යුතුය - ජීවිතය පවා අවදානමේ

මෙම තත්ත්වයත් සමඟ මැදපෙරදිග කලාපයේ යුධමය හා දේශපාලනික නොසන්සුන්තාවය තවදුරටත් උත්සන්න වී ඇත.