ගාසා ආක්‍රමණය තව වැඩි කරන්න - ඊශ්‍රායල අගමැති හමුදාවට නියෝග කරයි

Report

ගාසා තීරයේ ඊශ්‍රායලය පාලනය කරනු ලබන භූමි ප්‍රමාණය සියයට 70ක් දක්වා ඉහළ දමන ලෙස තමන් ඊශ්‍රායල ආරක්ෂක බලකායට උපදෙස් දුන් බව එරට අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි.

ඊයේ (28) පැවැති සමුළුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, තම හමුදාව මේ වන විට හමාස් සංවිධානය දැඩි පීඩනයකට ලක් කරමින් සිටින බවයි.

ගාසා තීරයේ භූමි ප්‍රමාණයෙන් සියයට 60ක පාලනයක් මේ වනවිට ඊශ්‍රාලය සතුව පවතින ඔහු සදහන් කර ඇත.

කෙසේ වෙතත්, ඊශ්‍රායලය, මෙලෙස සිය පාලන ප්‍රදේශය පුළුල් කිරීම, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රධානත්වයෙන් හමාස් සංවිධානය සමඟ ඇති කරගත් සටන්විරාම ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනය කිරීමක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රජයේ හා පෞද්ගලික අංශයේ කාන්තා සේවිකාවන්ට පඩි සහිත ඔසප් නිවාඩු - රජයට විශේෂ ඉල්ලීමක්

රජයේ හා පෞද්ගලික අංශයේ කාන්තා සේවිකාවන්ට පඩි සහිත ඔසප් නිවාඩු - රජයට විශේෂ ඉල්ලීමක්

ඊශ්‍රායලය නම් රටක් විසින් ගාසා නම් තීරයට අනවසරයෙන් ඇතුළු වී සිදුකරන අමානුෂික හැසිරීම මේ වනවිට ලෝකයම් කම්පාවට පත්කර ඇත.

කුඩා දරුවන්ටද හිංසා පීඩා කරමින් නොයෙක් ආකාරයේ වද වේදනා ලබාදෙමින් ප්‍රහාරයෙන් ප්‍රහාර මගින් අබාධිත වූ අසරණයන්ට හා රෝහල් , සරණාගත කදවුරු එල්ල කරමින්ද ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාර දියත් වේ.

හමාස් මර්දනය සදහා අප ගාසා තීරයට ප්‍රහාර එල්ල කරනවායයි ඊශ්‍රායලය පැවසූ හේතුව සාධාරණ නොවන එය හුදෙක් ලෝකයාගේ චෝදනා වලින් බේරීමට ඇටවූ කතාවක් බවත් පැහැදිලි වී හමාරයි. ඔවුන්ගේ සැබෑ අරමුණ ගාසා භුමිය අල්ලා ගැනීම බවත් ඊට බාධාවක්ව සිටින ගාසාහි අසරණ අහිංසක ජනතාව ප්‍රහාර මගින් මරා දමා අතුගා දැමීම බවත් දේශපාලක විචාරකයන් පැහැදිලි කරයි.

ඉන්ධන මිල අඩුවීමක් බලාපොරොත්තු වෙන්න එපා - රටේ ඉන්ධන මිල වැඩිවීමක්ද? - ලංකා ඛනිජ තෙල් සංස්ථාව දැනුම් දෙයි

ඉන්ධන මිල අඩුවීමක් බලාපොරොත්තු වෙන්න එපා - රටේ ඉන්ධන මිල වැඩිවීමක්ද? - ලංකා ඛනිජ තෙල් සංස්ථාව දැනුම් දෙයි

කිසිදු දේශපාලන මතයක් නොදරන හුදෙක්ම මානුෂිය අරමුණු සමග ගාසා වෙත පිය නැගූ ආහාර හා සෞඛ්‍ය සපයන සංවිධාන වලට හා එහි සාමාජිකයන්ට ප්‍රහාර එල්ල කිරීම සත්‍ය ලෝකයට හෙළිදරව් කරන මාධ්‍යවේදීන් අමු අමුවේ ඝාතනය කිරීම වැනි ඊශ්‍රායලයේ සාහසික ක්‍රියා හමුවේ සත්‍ය ලොවටම පැහැදිලි වී හමාරය. නමුත් ලෝකය ඇස් කන් වසා සිටීමත් අසරණ ගාසා වැසියන් දරුවන් හා සතුන් පීඩාවට ලක්වීම අඛණ්ඩව සිදුවීමත් මනුෂ්‍ය වර්ගයාගේම මනුෂ්‍යත්වය ප්‍රශ්නාර්ථයක් කරයි.