මැරීන් බලඇණි හරහා කාර්ග් දූපත අත්පත් කරගැනීමේ සූදානමක්?
ජපානයේ මව් වරායෙන් පිටත්ව මැදපෙරදිග බලා ගමන් කරන අමෙරිකානු “31 වන මැරීන් බලඇණිය” (31st Marine Expeditionary Unit) යෙදවීම, සරල හමුදාමය ක්‍රියාවක් පමණක් නොව, ඉරානය දණගැස්වීමේ සූක්ෂ්ම උපායමාර්ගයක් විය හැකි බව ආරක්ෂක විචාරකයන් පෙන්වා දෙයි.
දේශපාලන විශ්ලේෂකයන් සඳහන් කරන කරුණ වන්නේ, මෙම මැරීන් බලඇණිය ඉරානයට එරෙහි යුද්ධයේදී පළමු ගොඩබිම් හමුදා ඛණ්ඩය ලෙස යොදා ගත හැකි බවයි.
විශේෂයෙන්ම, ඉරාන ආර්ථිකයේ හදවත වන “කාර්ග් දූපතේ” (Kharg Island) පිහිටි තෙල් පිරිපහදු පද්ධතිය පාලනයට ගැනීම මෙම භටයින්ගේ ප්‍රධාන කාර්යභාරයක් විය හැකි බවයි.
මෙමගින් ඉරානයේ ආර්ථික ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අඩපණ කර, ටෙහෙරාන් පාලනය යුද්ධය අතහැර පරාජය පිළිගැනීමට බල කිරීම අමෙරිකාවේ මූලික අපේක්ෂාවක් ලෙස සැලකේ. මුහුදේ සහ ගොඩබිම දෙකේම මෙහෙයුම් සිදු කළ හැකි ද්විත්ව කාර්යභාරයක් සහිත මැරීන් භටයින් කැඳවීම අතිශය උනන්දුවක් දනවන කරුණක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එහෙත්, ට්‍රම්ප් පරිපාලනය මෙතෙක් ගොඩබිම් හමුදා යොදවන්නේද යන්න පිළිබඳව ස්ථාවර ප්‍රකාශයක් නොකළ අතර, නවතම හමුදාමය ක්‍රියාව පෙන්වන වශයෙන්, ඉරානයේ ආර්ථික මර්මස්ථාන අත්පත් කරගනිමින් යුද්ධය ඉතා කෙටි කලකින් අවසන් කිරීමට අමෙරිකාව සූදානම් බව පැහැදිලිව පෙනේ.