ධවල මන්ධිරයම කැලඹෙයි - ඉදිකිරීමට සැලසුම් කර තිබූ බෝල්රූම් ශාලාවේ කටයුතු අත්හිටුවයි
ධවල මන්දිරයේ ඉදිකිරීමට සැලසුම් කර තිබූ ඩොලර් මිලියන 400 ක් වටිනා 'බෝල්රූම්' ශාලාවේ කටයුතු වහාම අත්හිටුවන ලෙස අමෙරිකානු ෆෙඩරල් අභියාචනාධිකරණය විසින් ට්‍රම්ප් පරිපාලනයට නියෝග කර තිබේ.
මෙම නියෝගය ප්‍රකාශයට පත් කරමින් අධිකරණය පෙන්වා දී ඇත්තේ අමෙරිකානු ජනාධිපතිවරයා යනු ධවල මන්දිරයේ තාවකාලික පදිංචිකරුවෙකු මිස එහි අයිතිකරු නොවන බවයි.
ධවල මන්දිරයේ නැගෙනහිර කොටසේ වර්ග අඩි 90,000 ක පමණ දැවැන්ත විශාලත්වයකින් යුතුව මෙම 'බෝල්රූම්' ශාලාව ඉදිකිරීමට සැලසුම් කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හිතුමනාපයේ ඓතිහාසික ගොඩනැගිලි සංකීර්ණයට වෙනස්කම් සිදු කිරීමට පාලකයින්ට හැකියාවක් නොමැති බව අධිකරණ තීන්දුව මඟින් වැඩිදුරටත් අවධාරණය කෙරිණි.
කෙසේ වෙතත්, අදාළ තීන්දුව සම්බන්ධයෙන් අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා ට්‍රම්ප් පරිපාලනයට දින 14 ක කාලයක් හිමිවන බව ද ෆෙඩරල් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවේ සඳහන් වේ.