සෞදියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට තානාපති කාර්යාලයෙන් හදිසි නිවේදනයක්- හූති ප්‍රහාර හමුවේ ගත් තීරණය මෙන්න

Report

යේමනයේ හූති කැරලිකරුවන්ගේ ප්‍රහාර හමුවේ සෞදි අරාබියේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට එරට රජය විසින් නිකුත් කරන ආරක්ෂක උපදෙස් ඒ අයුරින්ම පිළිපදින ලෙස සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දෙයි.

නිවේදනයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය සඳහන් කර ඇත්තේ තහවුරු නොකළ පුවත්, වීඩියෝ දර්ශන හෝ සමාජ මාධ්‍ය සටහන් හුවමාරු කිරීමෙන් වළකින ලෙසයි. එමෙන්ම, තොරතුරු ලබාගැනීමේදී විශ්වාසදායක සහ තහවුරු කළ මූලාශ්‍ර පමණක් භාවිත කරන ලෙස ද ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා තිබේ.

මේ අතර, රියාද්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ජෙඩාහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සාමාන්‍ය පරිදි සිය කටයුතු පවත්වාගෙන යන බව ද දැනුම් දී ඇත.

කොන්සල් සේවා සම්බන්ධ සහාය අවශ්‍ය ශ්‍රී ලාංකිකයන්ට 0549477567 යන හදිසි ඇමතුම් අංකය ඔස්සේ තොරතුරු ලබාගත හැකිය. ගුවන් ගමන්වලටත් බාධා හූති ප්‍රහාර හේතුවෙන් සෞදි අරාබියේ රියාද්හි කිං කාලිද් ජාත්‍යන්තර ගුවන්තොටුපළට සහ යේමනයේ ඒඩන් ජාත්‍යන්තර ගුවන්තොටුපළට බලපෑම් එල්ල වී ඇති අතර, ඒ හේතුවෙන් ගුවන් සමාගම් රැසක් සිය ගුවන් ගමන් අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

එමෙන්ම, සෞදි අරාබියේ අබ්හා ජාත්‍යන්තර ගුවන්තොටුපළට එල්ල වූ ප්‍රහාරවලින් මොරොක්කෝ සහ ඇල්ජීරියානු ජාතිකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් පුද්ගලයන් 28 දෙනෙකු තුවාල ලබා තිබේ.

මෙම ප්‍රහාරවලින් සෞදි ගුවන් සේවයේ ගුවන් නියමුවෙකු ද මියගොස් ඇති බව සඳහන් වේ. මෙම තත්ත්වය හමුවේ කොළඹ සහ රියාද් අතර ගුවන් ගමන් ද මේ වන විට ක්‍රියාත්මක නොවන බව වාර්තා වේ.

එබැවින්, සෞදි අරාබියේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට ආරක්ෂක උපදෙස් පිළිපදින ලෙසත්, ගුවන් ගමන් සම්බන්ධ නවතම තොරතුරු අදාළ ගුවන් සමාගම් සහ නිල මූලාශ්‍ර ඔස්සේ තහවුරු කරගන්නා ලෙසත් දැනුම් දී තිබේ.

වාහන පදවන අයට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් හදිසි තීන්දුවක් - පාරේදී කැමරාවට අහුවුණොත් අසාදු ලේඛනයට

වාහන පදවන අයට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් හදිසි තීන්දුවක් - පාරේදී කැමරාවට අහුවුණොත් අසාදු ලේඛනයට

ඥානසාර හිමියන්ගේ චීවරය ගලවන්න දෙන්නේ නෑ- මහා සංඝරත්නය මහනුවර දළදා මාලිගාව ඉදිරිපිටින් පාරට බසී

ඥානසාර හිමියන්ගේ චීවරය ගලවන්න දෙන්නේ නෑ- මහා සංඝරත්නය මහනුවර දළදා මාලිගාව ඉදිරිපිටින් පාරට බසී

අධ්‍යාපන ක්ෂේත්‍රයම උඩුයටිකුරු කරමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් - නොවැම්බර්වල 1 සිට 11 ශ්‍රේණි දක්වා මාර්ගෝපදේශ මාලාවක්

අධ්‍යාපන ක්ෂේත්‍රයම උඩුයටිකුරු කරමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් - නොවැම්බර්වල 1 සිට 11 ශ්‍රේණි දක්වා මාර්ගෝපදේශ මාලාවක්

Gallery