වාහන පදවන අයට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් හදිසි තීන්දුවක් - පාරේදී කැමරාවට අහුවුණොත් අසාදු ලේඛනයට

Report

අධික දුම නිකුත් කරන වාහන හඳුනාගෙන ඒවාට එරෙහිව පියවර ගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන විමෝචන පරීක්ෂණ වැඩසටහන යටතේ විශේෂ ඡායාරූප ඒකකයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ.

මෙම වැඩපිළිවෙළ යටතේ දිවයිනේ ප්‍රධාන නගරවල උපායමාර්ගික ස්ථානවල නිලධාරීන් යොදවා පොදු මාර්ගවල ධාවනය වන වාහන නිරීක්ෂණය කිරීමට නියමිතය. එහිදී අධික දුමාරයක් පිටකරන වාහන ඡායාරූපගත කර හඳුනා ගැනීමට කටයුතු කෙරේ.

ලබාගන්නා ඡායාරූප සාක්ෂි පදනම් කරගනිමින් අදාළ වාහන හිමිකරුවන් වෙත එදිනම නඩත්තු නියෝග නිකුත් කිරීමට ද සැලසුම් කර ඇත.

එවැනි නියෝග ලැබෙන වාහන හිමිකරුවන් තම වාහනවල අවශ්‍ය අලුත්වැඩියා කටයුතු සිදුකර, නියමිත කාලසීමාව තුළ වේරහැර පිහිටි වාහන විමෝචන පරීක්ෂණ මධ්‍යස්ථානය වෙත ඉදිරිපත් කර පරීක්ෂාවට ලක් කළ යුතුය.

නිකුත් කරන නියෝගවලට අනුකූලව කටයුතු නොකරන වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියේ අසාදු ලේඛනගත කිරීමට නියමිතය.

වාහන විමෝචන පරීක්ෂණ වැඩසටහනට අනුව, එලෙස අසාදු ලේඛනගත කෙරෙන වාහනවලට ආදායම් බලපත්‍ර ලබාගැනීමේදී මෙන්ම වාහන හිමිකාරිත්වය පැවරීමේදී ද සීමාවන්ට මුහුණ දීමට සිදුවනු ඇත.

අධ්‍යාපන ක්ෂේත්‍රයම උඩුයටිකුරු කරමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් - නොවැම්බර්වල 1 සිට 11 ශ්‍රේණි දක්වා මාර්ගෝපදේශ මාලාවක්

අධ්‍යාපන ක්ෂේත්‍රයම උඩුයටිකුරු කරමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් - නොවැම්බර්වල 1 සිට 11 ශ්‍රේණි දක්වා මාර්ගෝපදේශ මාලාවක්

ඥානසාර හිමියන්ගේ චීවරය ගලවන්න දෙන්නේ නෑ- මහා සංඝරත්නය මහනුවර දළදා මාලිගාව ඉදිරිපිටින් පාරට බසී

ඥානසාර හිමියන්ගේ චීවරය ගලවන්න දෙන්නේ නෑ- මහා සංඝරත්නය මහනුවර දළදා මාලිගාව ඉදිරිපිටින් පාරට බසී

මෙම වැඩපිළිවෙළේ අරමුණ වන්නේ අධික දුමාරයක් නිකුත් කරන වාහන පාලනය කිරීම, වාහනවලින් සිදුවන වායු දූෂණය අවම කිරීම සහ පරිසර හිතකාමී ප්‍රවාහන පද්ධතියක් පවත්වාගෙන යාමයි