ගාසා තීරය සඳහා ට්‍රම්ප්ගේ සැලැස්මට ජගත් ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය

Report

ජගත් ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය ගාසා තීරය සදහා වන ඇමෙරිකා ජනාධිපතිවරයාගේ සැලැස්මට හිමිව ඇත.

ගාසා තීරය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කරුණු 20කින් සමන්විත සැලැස්මට ජගත් ආරක්ෂක කවුන්සිලයට ඊයේ (17) ඉදිරිපත් කර තිබුණි .

ඒ වගේම ජාත්‍යන්තර ස්ථායිකරණ බලකායක් ගාසා තීරය තුළ පිහිටුවීම ඇතුළු කරුණු 20 ක් ජනාධිපතිවරයාගේ සැලැස්මට ඇතුළත්ව තිබේ.

ඒ වගේම එය වැඩි ඡන්දයෙන් සම්මත කිරීමටයි කටයුතු කර ඇත බ්‍රිතාන්‍ය හා ප්‍රංශය හා සෝමාලියාව ඇතුළු රටවල් 13ක් සැළැස්මට පක්ෂව ඡන්දය ලබා දී ඇත.

ඊට විරෝධය පළ කරමින් කිසිදු ඡන්දයක් ප්‍රකාශ වූයේ නැත නමුත් රුසියාව හා චීනය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකෙන ලදි.

ජගත් මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මෙහිදී ප්‍රකාශ කළේ ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර පවත්නා සටන් විරාමය ශක්තිමත් කිරීම සඳහා ට්‍රම්ප්ගේ සැළැස්ම ක්‍රියාත්මක කිරීම අතිශය ප්‍රබල සාධකයක් වන බව වේ.

නමුත් හමාස් සංවිධානය ප්‍රකාශ කරන්නේ ට්‍රම්ප්ගේ සැළැස්ම පලස්තීන ජාතිකයින්ගේ අයිතීන් හා ඉල්ලීම් සැළකිල්ලට නොගෙන සකස් කර ඇති බවයි. ඒ වගේම මෙම සංවිධානය එය ප්‍රතික්ෂේප කර තිබේ.

පාර්ලිමේන්තුවේ 2026 අයවැය විවාදය ඇරඹේ

පාර්ලිමේන්තුවේ 2026 අයවැය විවාදය ඇරඹේ

දවසින් දවස අඩුවෙන රන්මිලේ අලුත්ම මිල ගණන් මෙන්න

දවසින් දවස අඩුවෙන රන්මිලේ අලුත්ම මිල ගණන් මෙන්න

චාමර සම්පත්ට එරෙහි නඩුවකට දින

චාමර සම්පත්ට එරෙහි නඩුවකට දින