චාමර සම්පත්ට එරෙහි නඩුවකට දින

Report

ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී සිදුකළ දූෂණ ක්‍රියාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට විරුද්ධව ගොනුකර තිබෙන පැමිණිල්ලක් එළඹෙන ජනවාරි මස 20 වන දින කැඳවන මෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම ක‍ර ඇත.

අඳාළ පැමිණිල්ල අද (18) දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේදී කැඳවා තිබුණා.

එම අවස්ථාවේදී අල්ලස් කොමිසම මඟින් අධිකරණයට දැනුම් දුන්නේ, මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර විමර්ශන ගොනු කර අල්ලස් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇති බව‍යි.

මාලිමා ආණ්ඩුව සිංහල බලවේගවලට යට වෙලා.. නැත්නම් ප‍්‍රතිමාව වහාම ඉවත් කරන්න - සුමන්තිරන්

මාලිමා ආණ්ඩුව සිංහල බලවේගවලට යට වෙලා.. නැත්නම් ප‍්‍රතිමාව වහාම ඉවත් කරන්න - සුමන්තිරන්

එබැවින් මෙම නඩුකරයට අදාළ ඉදිරි පියවර දැනුම්දීමට දිනයක් ලබා දෙන මෙන් අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා ඇත. ඒ අනුව අදාළ පැමිණිල්ල නැවත ජනවාරි මස 20 වන දින කැඳවීමට නියම කර තිබෙනවා.

පසුගිය 2016 වසරේ ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් එම පළාතේ පෙර පාසල් දරුවන්ට බෑග් ලබාදීම වෙනුවෙන් රාජ්‍ය බැංකුවකින් අනුග්‍රහයක් ඉල්ලා එම බැංකුව එය ප්‍රතික්ෂේප කළ පසු අදාළ පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් 06ක් කල්පිරීමට පෙර ඉවත් කිරීමෙන් අදාළ පළාත් සභාවට රුපියල් ලක්ෂ 173කට අධික පාඩුවක් සිදු කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට අල්ලස් කොමිසම මඟින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

මරණ දඬුවම නියමු ෂෙයික් හසීනාව භාර දෙන්න - බංග්ලාදේශය ඉන්දියාවට කියයි

මරණ දඬුවම නියමු ෂෙයික් හසීනාව භාර දෙන්න - බංග්ලාදේශය ඉන්දියාවට කියයි

අද හවස් වෙනකල් තත්ත්වය භයානකයි - මේ ප්‍රා.ලේ.කො. 30කටම අනතුරු ඇඟවීම්

අද හවස් වෙනකල් තත්ත්වය භයානකයි - මේ ප්‍රා.ලේ.කො. 30කටම අනතුරු ඇඟවීම්