අනුරාධපුරය නොසන්සුන් වෙයි ...අයෙක් නාමපුවරුවක් උඩට නැග දිවි හානි කරගන්නෙයි විරෝධතාවයේ ..(VIDEO/PHOTOS)

Sri Lanka Police Anuradhapura Sri Lanka Businessman
By Piyumika Oct 09, 2024 08:30 AM GMT
Piyumika

Piyumika

Report

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9) එම ස්ථානය දැඩි නොසන්සුන්කාරී වූහ.

එහිදී එක් වෙළෙන්දෙකු භූමි තෙල් රැගෙන අසල පිහිටි, විශාල ප්‍රමාණයේ නාමපුවරුවක් උඩට නැග ශරීරයට ගිනි තබා ගන්නා බව පවසමින් විරෝධතාවයේ නිරත විය.

අමරවීර නිල නිවසින් යන්න කලින් නිවසට කරලා තියන දේ..

අමරවීර නිල නිවසින් යන්න කලින් නිවසට කරලා තියන දේ..

තමන් නගර සභාවට දෛනිකව රුපියල් දෙසීයක මුදලක් ගෙවමින් වෙළඳාම් කටයුතු වල නිරතව සිටියදී තාවකාලික වෙලදසැල් මෙලෙස කඩා ඉවත් කිරීම, අනුමත නොකරන බව ඔවුහු පැවසූහ.

මෙම ස්ථානයේ කෙසෙල් වෙළඳාමේ නිරතව සිටි සීතා නන්දාවතී මහත්මිය සඳහන් කළේ, තමන් ගැහැණු දරුවන් තිදෙනෙකු සහ රෝගී තත්ත්වයෙන් පෙළෙන තම සැමියා ජීවත් කරන්නේ කාලයක සිට අනුරාධපුර මහා නගර සභාවට දෛනිකව කුලී ගෙවමින් පවත්වගෙන යන මෙම වෙළඳ සැලෙන් ලබා ගන්නා සොච්චම් මුදලින් බවය.

අගමැතිනියගේ වැඩ නිසා රෝහල්වල ඖෂධ හිඟයක් ඇතිවීමේ අවදානමක්..?..

අගමැතිනියගේ වැඩ නිසා රෝහල්වල ඖෂධ හිඟයක් ඇතිවීමේ අවදානමක්..?..

හිටිහැටියේ නිලධාරීන් පැමිණ විනාඩි දෙකක් යාමට මත්තෙන් පොල් අතු වලින් සාද‍ා තිබූ කෙසෙල් කඩය බිමට සමතලා කළ බවත් කීවේය.ඒ හේතුවෙන් තමන්ට දරුවන් සමග පාරේ හිඟා කෑමට සිදු වන බව පැවසූ ඇය දුක්විද ‌ගොවීන් ‌වෙළෙන්දන් වෙනුවෙන් ජනපතිතුමන්ගෙන් සාධාරණ විසඳුම්ක බලාපොරොත්තුවන බවද සඳහන් කළාය.

එන අයට මසාජ් එකට අමතරව බෝනස් දුන්න ස්පා එකක් මාට්ටු ..

එන අයට මසාජ් එකට අමතරව බෝනස් දුන්න ස්පා එකක් මාට්ටු ..

මෙම ස්ථානයේ ගැටුමක් ඇති වුව හොත් මෙය පාලනය කිරීම සඳහා මූලස්ථාන පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නුවන් වික්‍රමසිංහ ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් එම ස්ථානයට පැමිණි අතර, එම අවස්ථාවේදී සියදිවි හානි කර ගන්නා බව පවසමින් මම පුවරුවට නැගි පුද්ගලයාට පැහැදිලි කර දී බිමට බස්සවා ගැනීමට එම නිලධාරීහු කටයුතු කළහ.

පැය විසි හතරක කාලයක් ඇතුලත මෙම වෙළඳසැල් ඉවත් කර කරගෙන එම භූමියට ශුද්ධ පවිත්‍ර නොකලහොත් නීති මගින් ක්‍රියා කරන බව පවසා, මේ ස්ථානයට පැමිණි අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පිටව ගියහ.

අනුරාධපුරය නොසන්සුන් වෙයි ...අයෙක් නාමපුවරුවක් උඩට නැග දිවි හානි කරගන්නෙයි විරෝධතාවයේ ..(VIDEO/PHOTOS) | Unrest In Anuradhapura Over Eviction Of Traders

අනුරාධපුරය නොසන්සුන් වෙයි ...අයෙක් නාමපුවරුවක් උඩට නැග දිවි හානි කරගන්නෙයි විරෝධතාවයේ ..(VIDEO/PHOTOS) | Unrest In Anuradhapura Over Eviction Of Traders