කොත්මලේ සිදුවූ අමුතුම රිය අනතුර

By Hashini Apr 23, 2025 10:33 AM GMT
Report

 කොන්ක්‍රීට් මිශ්‍ර කරන ටැංකි සහිත ලොරි රථ දෙකක් අනතුරට පත් වීමෙන් එක් ලොරි රථයක රියදුරු සහ අනෙක් ලොරි රථයේ රිය සහයකයා බරපතල ලෙස තුවාල ලබා කොත්මලේ ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කල බව පූඩළුඔය පොලිසිය පැවසුවා.

පූඩළුඔය ප්‍රධාන මාර්ගයේ හෙරෝවත්ත ප්‍රදේශයේ දී මෙම අනතුර සිදු වී ඇත්තේ.

මෙම අනතුරට හේතු වී ඇත්තේ එම වතුයායේ ගොඩනැගිල්ලක් ඉදි කිරිම සදහා කොන්ක්‍රීට් මිශ්‍ර වාහන දෙක ධාවනය කර ඇති අතර, ඉදිරියෙන් ධාවනය වූ එක් ලොරි රථයක් එම වතුයායට පිවිසෙන් මාර්ගයට ඇතුළත් කිරිමත් සමග එම ලොරි රථය රියදුරුගේ පාලනයෙන් මිදි ඊට පහළින් ප්‍රධාන මාර්ගයෙ එම වතුයායටම ගමන් ගත් අනෙක් කොන්ක්‍රීට් මිශ්‍ර ටැංකි සහිත ලොරි රථයට පෙරලී යාමයි.

අනතුරින් කොන්ක්‍රීට් මිශ්‍ර ටැංකිය සහිත ලොරි රථ දෙකටම බරපතල ලෙස හානි සිදු වි ඇත. 

කදුළු සඟවාගෙන යුක්තියන් සොයන මව.... වැලිකඩ පොලිසියට දඬුවම් ලැබෙයි ද?

කදුළු සඟවාගෙන යුක්තියන් සොයන මව.... වැලිකඩ පොලිසියට දඬුවම් ලැබෙයි ද?